ගෝඨාත් කළු ටයි දායි ! - යහපාලනය පතුරු ගහයි [VIDEO]
තමං හෙට (08දා) ප්‍රකාශයක් දෙන්නම්. මං හෙට එන්නේ කළුපාට ටයි එකක් දාගෙන යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඊයේ පැවැසීය. ඔහු එසේ පැවැස...
https://www.sathhanda.com/2016/01/blog-post_36.html?m=0
තමං හෙට (08දා) ප්‍රකාශයක් දෙන්නම්. මං හෙට එන්නේ කළුපාට ටයි එකක් දාගෙන යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඊයේ පැවැසීය. ඔහු එසේ පැවැසුවේ බරපතළ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ ඊයේ පෙනී සිට දහවල් ආහාරය ගැනීම සඳහා කොමිසමෙන් නික්ම යෑමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද පැවැසීය. 'මං අවුරුද්දක්ම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට, මේ කොමිසමට ආවා. මේ ආණ්ඩුව අවුරුද්දක්ම කළේ මෙන්න මේවා. මං හෙට කළු ටයි එකක් දානවා කිව්වෙ මොකද ඔක්කොම සොයන්නේ විශාල වංචා දූෂණ වුණා කියලනේ. මං දූෂණය කළා කියන්නේ මුදල් අයුතු ලෙස ඉපැයූවා කියන එකනේ. ඉතින් මං කියන්නේ මේවා හොයන්න හරි පහසුයි. අවුරුද්දක් යන්නේ නෑ. 2005දී මං ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් පත්වෙන කොට මගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් මුලින්ම බලන්න ඕනේ දූෂණයක් වුණා නම් 2005දී පත් වුණු දවසට වඩා අද වෙනකොට මොනවද මං එක්කාසු කරගෙන තියෙන වත්කම් කියලා.

Related