භික්ෂූන්ට නීති පනවන කෙටුම්පතට අස්ගිරියෙනුත් විරෝධතා
භීක්ෂූන් වහන්සේ සදහා විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් පනවන්නේ නම් එය කළ යුත්තේ භික්ෂූන් වහන්සේගේ පොදු එකගත්වයෙන් බව මහා විහාර වංශික ...
https://www.sathhanda.com/2016/01/blog-post_543.html?m=0
එසේ නොමැතිව පාර්ලිමේන්තුව මගින් එවැනි කථිකාවක් පැනවීමෙන් භික්ෂූන් වහන්සේ අතර බෙදීම්ද ඇති විය හැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
භික්ෂු විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් සදහා වූ අදාළ කෙටුම්පත ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්.
සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියන්ද මීට විරෝධය පළ කරනවා. උන්වහන්සේ පැවසුවේ මෙම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක්ද ගොණු කරන බවයි.
අදාළ කෙටුම්පත කිසිසේත් පිළිගත නොහැකි බවයි රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද පවසන්නේ.
කොළඹ අද (13) පැවැත් වූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණේ සිංහල බෞද්ධ සංස්කෘතියට නිසි තැන යන තේමාව යටතේ චින්තන පර්ෂදය විසින්. එහිදී උන්වහන්නේ පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු පනතකින් මේ දේ කරන්නට පෙර මහනායක ස්වාමීන්වහන්සේලා හමු වී අනුශාසනා ගෙන සාකච්ඡා කර අනුමැතිය සහිතව මෙය සිදු කිරීමේ හැකියාව තිබූ බවයි. භික්ෂූන්වහන්සේට ගිහියන් නීති ගෙන ඒමට සිය විරෝධය පළ කරන බවත් සඳහන් කළා.
කෙසේවෙතත් භීක්ෂූන් වහන්සේ සදහා විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් පැනවීම සම්බන්ධයෙන් ජාතික සංඝ සම්මේලනය සිය ප්‍රසාදය පළ කරනවා.
මෙම කෙටුම්පත මගින් ඇතැම් අය ප්‍රකාශ කරන පරිදි භික්ෂූන් වහන්සේ පාලනය කිරීමේ බලයක් ගිහියන්ට නොලැබෙන බවයි එහි ජාතික සංවිධායක පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් කියාසිටියේ. භික්ෂූන් වහන්සේගේ විනය පාලනය මෙමගින් භික්ෂූන් වහන්සේටම හිමිවන බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

Related