ජනපති මරන්න ආ කොටියා ජනපතිට කිවුව්ව දේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනයට පැමිණි බව ඔප්පුවීම නිසා දඬුවම් නියම කර සිටි ශිවරාඡ් ජිනීවන් නම් හිටපු එල්. ටී. ටි. ඊ. මරාගෙන මැරෙන ...
https://www.sathhanda.com/2016/01/blog-post_58.html?m=0
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනයට පැමිණි බව ඔප්පුවීම නිසා දඬුවම් නියම කර සිටි ශිවරාඡ් ජිනීවන් නම් හිටපු එල්. ටී. ටි. ඊ. මරාගෙන මැරෙන කොටි සාමාජිකයාට ඊයේ (08) ජනාධිපති සමාව හිමි වුණා.
ජනපතිවරායව ඊයේ පැවති රාජ්‍ය උත්සවයේ දී හමුවූ ඔහු "සර්, ඔබතුමා මට මෙහෙම සමාවක් දෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මේ බව ඇහුවම මට අදහා ගන්නත් බැරි වුණා. මාව නිදහස් කළාට සර්ට දහස් වාරයක් ස්‌තුතියි"යනුවෙන් සඳහන් කර තිබෙනවා.
"ඔබ හොඳින් මේ සමාජයේ ජීවත් වෙන්න" යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට එහිදී සඳහන් කර තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට පැමිණි ඔහුට වසර 20 කට සිර දඬුවම් නියමවී තිබුණා.

Related