ඇඹිලිපිටිය සිදුවීම පිළිබඳ කටයුතුවලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉවත් වෙයි
ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ ක්‍රියාමාර්ගයේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු සඳහා පත්කර සිටි පොලිස් මාධ්‍ය ප්‍රක...
https://www.sathhanda.com/2016/01/blog-post_835.html?m=0
ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ ක්‍රියාමාර්ගයේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු සඳහා පත්කර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර එම කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. පොලිස්පතිවරයා විසින් රුවන් ගුණසේකර ඒ සඳහා පත්කළ අතර එම පත්කිරීමට දැඩි විරෝධයක් මතුවිය. විශේෂයෙන් සුමිත් ප්‍රසන්නගේ පවුලේ ඥාතීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. මෙම තත්ත්වය හේතුවෙන් රුවන් ගුණසේකර සාක්ෂි මෙහෙයවීමේ කටයුතුවලින් ඉවත් වී ඇති අතර පොලිස්පතිවරයා විසින් පොලිස් නීති කොට්ඨාශයේ නිළධාරියෙකු ඒ සඳහා පත්කිරීමට නියමිත වේ. පවුලේ ඥාතීන්ගේ හා ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතීඥවරුන්ගේ තර්කය වූයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල සිටම පොලීසිය වෙනුවෙන් පෙනීසිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සාක්ෂි මෙහෙයවීමේ කටයුත්ත සිදුකිරීම සදාචාරාත්මක නොවන බවයි. අදාල මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ක්‍රියාත්මක වේ.

Related