කුමාර වෙල්ගමටත් අල්ලස් කොමිසමෙන් නඩු
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් පසුගිය රජයේ ප්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී ගමනාගමන මණ්‌ඩලයේ උප සභාපතිවරයකුට ඔහු සි...
https://www.sathhanda.com/2016/01/blog-post_872.html?m=0
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් පසුගිය රජයේ ප්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී ගමනාගමන මණ්‌ඩලයේ උප සභාපතිවරයකුට ඔහු සිටි නිල කාලය සඳහා වැටුප් වශයෙන් නීති විරෝධී ලෙස රුපියල් ලක්‍ෂ 32 ක මුදලක් ගෙවීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් ඊයේ (21 වැනිදා) කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. එල්. ඒ. විමලරත්න නමැති අය මෙලෙස ගමනාගමන මණ්‌ඩලයේ උප සභාපති ධුරයකට පත්කර ඇත. මෙවැනි තනතුරක් මීට පෙර තිබී නැති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්‍ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරිපැවසීය.අදාළ නඩුව නැවත පෙබරවාරි මස 16 වැනිදා විභාගයට ගනු ලබන බවත්, එදිනට කුමාර වෙල්ගමට පෙනී සිටින ලෙස අධිකරණය මගින් නොතීසි නිකුත් කළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Related