මම ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ - මහින්ද
තමන් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය සමග ද නැතහොත් ආණ්ඩුව සමගදැයි යන ප්රශ්නයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පිළිතුරක් ලබාදුන්නා....
https://www.sathhanda.com/2016/01/blog-post_90.html?m=0
තමන් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය සමග ද නැතහොත් ආණ්ඩුව සමගදැයි යන ප්රශ්නයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පිළිතුරක් ලබාදුන්නා.
"මමත් එක පැත්තකින් මේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා තියෙනවා. මොකද ශ්රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ ආණ්ඩුව ඉන්න හින්දා. මම ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ. ඒක හින්දා තමයි විපක්ෂයේ වාඩිවෙලා ඉන්නේ.මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. ඉතිහාසයේ පලවෙනි වතාවට දැන් මෙයාලා අත්හදා බලමින් ඉන්නවා. අපිට අත්හදා බලන පරීක්ෂණයේ ප්රතිඵළ නිකම් පේනවා වගේ.ඇඟට දැනෙනවා. මේ යහපාලනය තුළ එක්සත් ජාතික පක්ෂයයි ශ්රී ලංකා එකයි එක්කහු වෙලා කරගෙන යන මේ යහපාලනය අපි අත්විදිමින් සිටිනවා කියන එක විතරක් අපි දන්නවා".
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ රුවන්වැල්ලේ විහාරස්ථානයක පැවති උත්සවයකදීයි.

Related