ශ්‍රීලනිප ඒකාබද්ධ පලාත් පාලන නියෝජිත සංසදයේ ජාතික මහා සම්මේලනයේදී ඒකච්ඡන්දයෙන් සම්මත වූ යෝජනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් අතර මීගමුවේ අද (14) පැවති සාකච්ඡාවේදී යෝජනා 05ක් සම්ම...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් අතර මීගමුවේ අද (14) පැවති සාකච්ඡාවේදී යෝජනා 05ක් සම්මත කර ගැනුණා. මෙම අවස්ථාවට හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් සියයට අනූපහක් පමණ සහභාගී වී තිබෙනවා. එහිදී ඉදිරිපත් කර ඒකච්ඡන්දයෙන් පහත යෝජනා සම්මත කර ගන්න ලදී.

යෝජනා අංක 01 

යහපාලන සටන් පාඨයට මුවා වී ජනතාව මුලා කොට බලයටපත් මෙම දෙමුහුන් ආණ්ඩුව කිසිදු සාධාරණ හෝ යුක්ති සහගත හේතුවකින් තොරව බහුතරයක් පලාත් පාලන ආයතන විසුරුවා හැරීම මගින් සකල විධ ශ්‍රී ලංකාවාසී ජනතාවට පලාත් පාලන ආයතන මගින් සැපයෙන්නා වූ සේවා අයිතිය අත්තනෝමතික සහ ඒකාධිපති ආකාරයට අහෝසි කර තිබේග එම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා ජනසම්මුතිවාදී ආණ්ඩුකරණයට පටහැනිව මැතිවරණය නොපවත්වමින් හා දිගින් දිගටම කල්දැමීමත් මැතිවරණය පැවැත්වෙන තෙක් එකී ආයතන නැවත පැවති ආකාරයට බලගන්වනු ලබන්නේය වැනි මුසාබස් පවසමින් තවදුරටත් ජනතාව මුළා කිරීමත් ඒකාබද්ධ පලාත් පාලන නියෝජිත සංසදයේ සාමාජිකයන්වන අපි එක්වන්ව එක හඬින් දැඩි ලෙස හෙළා දකින්නෙමුග එලෙසම ජනතාවගේ ප‍්‍රමුඛතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ලෙස හුවා දක්වමින් නමට පමණක් සීමා කර ගොඩනැඟූ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි බලය ක‍්‍රියාත්මක කරන්නා වූ මැතිවරණ කොමසාරිස්වරයාට ජනතා පරමාධිපත්‍යයට හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් වහාම පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස යෝජනාව කරමු. 

යෝජනා අංක 02 

මනකල්පිත යහපාලන ප‍්‍රාර්ථනාවෙන් සකල සිරින් පිරි ශ්‍රී ලංකාවක් අපේක්ෂා කොට ඡුන්දය දුන් ජනතාවට අද ජීවත්වීමට සිදු වී ඇත්තේ ගැබිනි මාතාවගේ පෝෂණ මල්ල කපාහැරීමේ සිට වන්දනීය පූජනීය මහා සංඝරත්නයල රණවිරුවන්ල සියලූම රාජ්‍ය නිළධාරීන්ල ගොවීන්ල ධීවරයන්ල කම්කරුවන් ඇතුළු සමස්ත ජනතාවම පළිගැනීමට හා මර්ධනයට ලක්කරමින් සිටින ර්‍ණසකල බයෙන් පිරි” රටකයග තිස්වසරක ත‍්‍රස්තවාදී සාපයෙන් රට මුදාගෙන ජනතාවට නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය සහතික කළ වරදට මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් පමණක් නොව එතුමන්ගේ බිරිඳල දරුවන්ල සහෝදර සහෝදරියන් සහ ඥාතීන් පවා නීති විරෝධී පොලිස් ඒකකවල දී ප‍්‍රශ්න කරමින්ල සිරමැදිරිවලට ගාල් කරමින් වද බන්ධන පමුණුවනල නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධිපත්‍යය වනසා දමා ඇති රටකයග එබැවින් ඒකාධිපති ගමනක යෙදෙන මෙම ආණ්ඩුවේ සියළු ආකාරයේ දේශපාලන දඩයම් කිරීම් අපි තරයේ හෙළා දකින්නෙමුග එසේම ඊට එරෙහිව ප‍්‍රගතිශීලී සහ දේශහිතෛෂී මහජන නියෝජිතයන් ලෙස එකාවන්ව පෙළ ගැසිය යුතු බවට ද මෙම සම්මේලනයට යෝජනා කරමු. 

යෝජනා අංක 03 

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂයේ මංත‍්‍රීවරු 127 දෙනෙකුගෙන් සමන්විත තනි බහුතරයක් දිනාගැනීමල සියළුම පලාත් සභාවල සහ පලාත් පාලන ආයතන අතිමහත් බහුතරයක බලය පක්ෂය විසින් අත්පත් කරගැනීමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් එදා මෙදාතුර අත්පත් කරගත් වැඩිම සාර්ථකත්වය අත්පත් කරගත්තේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංසදයේ බහුතරයක් දෙනා ද අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බව අපි ඉමහත් ආඩම්බරයෙන් යුක්තව සඳහන් කරන්නෙමුග එම පක්ෂය අද පලාත් පාලන මැතිවරණයක් පවා පැවැත්වීමට බිය වී සිටින බේද බින්න වූ පරාජිත පක්ෂයක් බවට පත්වීමේ ජාතික අපරාධයට වගකිව යුතු 2014 නොවැම්බර් 21 වැනි දින පක්ෂය කඩාගෙන ගිය සියලූ දෙනා බවත් එහි වගකීම අප මත පැටවීමේ පහත් උත්සාහයක යෙදෙමින් පක්ෂයට ලැදි අපගෙන් සහාසික ලෙස පළිගැනීමෙන් සහ පාක්ෂිකයා නොසලකා ක‍්‍රියා කිරීමෙන් පක්ෂය විනාශ කිරීමේ කාර්යයේ යෙදෙන එකී සියලූ දෙනාටම අපගේ බලවත් විරෝධය මෙයින් පළ කර සිටිමු.

යෝජනා අංක 04 

2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ කීර්ති නාමයට සහ ජනප‍්‍රසාදයට මුවා වී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී ජනතාවගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී පසුව එම ජනතාව අතරමං කර දමා තමන්ගේ පොදු සතුරා විය යුතු එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු හිරිකිතයකින් තොරව එක් වී සිටින සියලූ දෙනාට එකී පොදු ජනතාව වෙනුවෙන් අපගේ බලවත් අප‍්‍රසාදය සහ විරෝධය ප‍්‍රකාශ කර සිටිමු තවද දසතින් නැෙඟන ආණ්ඩු වීරෝධී ජනතා හඬට කන්දී මෙම ආණ්ඩුවේ තමන් දරන සියලූ මැති ඇමතිකම්ල වරදාන හා වරප‍්‍රසාද අත්හරින ලෙස අපි බල කර සිටිමු.

යෝජනා අංක 05 

අපේ ජනාධිපති මහින්ද රාජක්ෂ මැතිඳුණි,
2015 ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී ජනතාව මුළා කොට බලයට පත් වී ඔවුන් අතරමං කොට දකුණු ආසියාවේ දිදුලන රාජ්‍යයක් ලෙස සංවර්ධනය වෙමින් පැවති රට විනාශය කරා ගෙනයමින් ජනතාවට ජීවත්වීම පවා නොහැකි සමාජයක් නිර්මාණය කර ඇති නායකත්වයන් ප‍්‍රතික්ෂේප කරමින් ගම් දනව් සිසාරා නැෙඟන ජනතා හඬට පාටල පක්ෂ අමතක කර මොහොතක් සවන් දෙන මෙන් මේ මොහොත් අපි ඔබෙන් එක හඬින් ඉල්ලා සිටින්නෙමුග මෙම ජනතා විරෝධී රජයට සහ ඔවුන් සමඟ ප‍්‍රගතිශීළී මුහුණුවරින් පෙනී සිටින ප‍්‍රතිගාමී බලවේගයන් පරාජයට පත්කිරීමේ ඒකායන අරමුණ පෙර දැරිව ගොඩනැෙඟන නව ජනතා බලවේගයට නායකත්වය දිය හැකි එකම නායකයාණන් ඔබයග එම නායකත්වය නොබියව නොසැළී බාර ගන්නා ලෙස ගමේ බලවේගය වන අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමුග ඔබ ගන්නා එම තීරණය සමඟ ගම් දනව් සිසාරා විහිදුණු සංවිධානජාල ගොඩනඟමින් අපි ඔබ සමඟ එක්වීමට සෑදී පැහැදී සිටින බවත් ප‍්‍රකාශ කරන්නෙමුග කවර බාධා හමුවේ වුවද නොසැළීල අප අමතක නොකොටල අප වෙනුවෙන් පෙනී සිටිනල ඔබ සමඟ අපි අත්වැල් බැඳ ගන්නා බව මෙම සම්මේලනයේදී සපථ කර සිටින්නෙමු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7688129139844745815

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item