ශ්‍රීලනිප ව්‍යවස්ථාව උල්ලංඝණය කළ අය පක්ෂයෙන් නෙරපනවා
පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කළ සාමාජිකයින් පක්ෂයෙන් නෙරපීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. පක්ෂය දෙකඩ කළ යුතු බවට ප්‍රස...
https://www.sathhanda.com/2016/02/blog-post_270.html?m=0
පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කළ සාමාජිකයින් පක්ෂයෙන් නෙරපීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂය දෙකඩ කළ යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් අට දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා තීරණය කළේය.
ඊට අදාළ දැනුම්දීම ලිඛිතව පක්ෂයේ මහලේකම්වරයා විසින් සිදුකර ඇති අතර අදාළ ලිපි එම නියෝජිතයින් විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ දිනයේ ඉරා පුළුස්සා දමනු ලැබීය.
එම ක්‍රියාමාර්ගය පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කිරීමක් බැවින් අදාළ පුද්ගලයින් පක්ෂයෙන් නෙරපීමට ඉදිරියේ දී කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

Related