සීපා/එට්කා ස්ථීරයි - ගිවිසුම ලංකාවේ වාසියටලු හදන්නේ - එත් වාසිය මොකක්ද මලික් නොදනියි
ඉන්දියාව සමග ආර්තික සහ තාක්ෂණික ගිවිසුමකට එළැඹෙන්නේ ශ්‍රී ලංකාවට වාසි ලබා ගැනීමට බව ඇමැති මලික් සමරවික්‍රම පවසයි. එකී ගිවිසුම අත්සන් ...
https://www.sathhanda.com/2016/02/blog-post_520.html?m=0
ඉන්දියාව සමග ආර්තික සහ තාක්ෂණික ගිවිසුමකට එළැඹෙන්නේ ශ්‍රී ලංකාවට වාසි ලබා ගැනීමට බව ඇමැති මලික් සමරවික්‍රම පවසයි.
එකී ගිවිසුම අත්සන් තැබීමට පාර්ලිමේන්තුටත්, විරටටත් ඉදිරිපත් කරන බවද කී ඔහු ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස ගිවිසුම් සකස් කරන බවද සදහන් කළේය.
භාණ්ඩ හා සේවා යන ක්ෂේත‍්‍රයන්වලට අදාලව මෙම ගිවිසුම මෙම වසර තුළදී අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.
එහෙත් ඔහුගෙන් කොතෙක් විමසුවත් එහි ලංකාවට ඇති වාසිය කුමක්දැයි මේ වනතුරුත් ඔහුට පැහැදිලි කිරීමට නොහැකි වී තිබේ. එසේ අසන ප්‍රශ්න වලට මල්ලේ පොල් උත්තර දෙමින් නං දොඩවයි.

Related