උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යක් ඉල්ලයි
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊළාම් ප්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් නම් කළ යුතු යැයි යෝජනා ඉදිරිපත් කළ බව කි...
https://www.sathhanda.com/2016/02/blog-post_70.html?m=0
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊළාම් ප්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් නම් කළ යුතු යැයි යෝජනා ඉදිරිපත් කළ බව කිලිනොච්චිය පුරවැසි කමිටුවේ ලේකම් සින්නරාජා ජීවනායගම් කියා සිටියේය.
මෙම යෝජනාව කර ඇත්තේ රජය මගින් සිදුකිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයේදී ඉදිරිපත් කළ යුතු යෝජනා හා අදහස් සාකච්ඡා කිරීම පිණිස ඊයේ (08දා) කිලිනොච්චියේදී ආරම්භ කරන ලද දින දෙකක සාකච්ඡාවේදීය.
මෙම සාකච්ඡාව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර, ඊට පළාතේ මහජනතාව සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් රැසක් සහභාගිවී තිබේ.


Related