ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලියට මමත් සහභාගී වෙනවා - මහින්ද
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානත්වයෙන් ලබන 17 වන දින පැවැත්වෙන ජන රැලියට තමා ද සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොළඹ හ...
https://www.sathhanda.com/2016/03/blog-post_53.html?m=0
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානත්වයෙන් ලබන 17 වන දින පැවැත්වෙන ජන රැලියට තමා ද සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ හයිඩ් පාක් පිටියේ පැවැත්වෙන ජන රැලිය සඳහා සහභාගී වන්නේ ද යන්න පිළිබඳව ඊයේ මහනුවර දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු ඒ බව දන්වා සිටියේය.
මේ අතර වර්තමානයේ රටේ අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ගලගෙදර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර තිබේ.

Related