භික්‍ෂූන් වහන්සේට හිරිහැර කරනවා නම් ආණ්‌ඩුව පෙරළා දමනවා - මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි
භික්‍ෂූන් වහන්සේට තවදුරටත් හිරිහැර කරන්නේ නම් මේ ආණ්‌ඩුව පෙරළා දැමීමට මහා සංඝරත්නය පෙළගැසෙන බව මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ. ...

https://www.sathhanda.com/2016/03/blog-post_55.html

නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථානයේදී ඊයේ (11 දා) පැවැති පැවිදි හඬ සංවිධානයේ මාධ්‍ය හමුවේදී මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිපාණෝ මේ බව පැවසූහ.
ආණ්‌ඩු හදන්නෙත් පෙරළන්නෙත් මහා සංඝරත්නය බව පෙන්වා දුන් උන්වහන්සේ මාදුළුවාවේ සෝභිත හිමිපාණෝ පවත්නා ක්‍රමය වෙනස් කිරීමට සද්භාවයෙන් කටයුතු කළත්, උන්වහන්සේ බලාපොරොත්තු වූ අරමුණු මේ ආණ්‌ඩුවෙන් මෙතෙක් ඉටු වී නැති බවත් සඳහන් කළහ.
සුද්දන්ගේ පාලන කාලයේදීවත් මහා සංඝරත්නය මේ අයුරින් අත්අඩංගුවට ගැනීම් සිදු නොවූ බවත්, මෙය බෞද්ධයන්ට කෙරෙන නින්දාවක් බවත් පැවසූ ආනන්ද හිමිපාණෝ මෙයට එරෙහිව බෞද්ධ ජනතාවගේ විරෝධය එල්ල වීම නතර කිරීමට නොහැකි වනු ඇති බවත් පැවසූහ.
රට ගමන් කරන්නේ කොයිබටදැයි තමන්වහන්සේට නොතේරෙන බවත්, ජනතාව දිනෙන් දින ප්‍රපාතයට වැටෙන බවත්, ආණ්‌ඩුව බලයට පත්ව තවමත් එක් එක්‌කෙනාගේ කුණු අවුස්‌සමින් සිටිනවා හැර රට සංවර්ධනය නොකරන බවත් ආණ්‌ඩුවට රට සංවර්ධනය කිරීමට නොහැකි නම් ආණ්‌ඩුව පලවා හැරීමට මහා සංඝරත්නය සූදානම් බවත් පැවසූහ.
Related