වී ගත්තෙත් අඩු මිලට - ගත්තත් සල්ලි ගෙවා නෑ
රජයේ වී අලෙවි මණ්ඩලය මිලට ගත් වී තොග වෙනුවෙන් බොහෝ ගොවීන්ට මෙතෙක් මුදල් ලබා දී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි. රජයේ...
https://www.sathhanda.com/2016/04/blog-post_1.html?m=0
රජයේ වී අලෙවි මණ්ඩලය මිලට ගත් වී තොග වෙනුවෙන් බොහෝ ගොවීන්ට මෙතෙක් මුදල් ලබා දී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
රජයේ සහතික මිල ගණන් යටතේ එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2000 බැගින් ගොවීන්ගෙන් වී මිලදීගෙන තිබෙන අතර, වී මිලදී ගැනීම වෙනුවෙන් මණ්ඩලය ගොවීන්ට රිසිට් පතක් ලබාදී තිබෙන බවත් එම රිසිට් පත ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට ඉදිරිපත් කර මුදල් ලබාගත යුතු බවත් එම සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සදහන් කලේය.
එම බැංකුවලට රිසිට්පත ඉදිරිපත් කළද බැංකු තමන්ට අදාළ මුදල් ලැබීනොමැති බව පවසමින් ගොවිජනතාව ආපසු හරවා එවන බවද ඔහු පවසා සිටියේය.



Related