එජාපය තව අවුරුදු 20ක් ආණ්ඩු කරනවා. සිමෙන්ති පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගිහින් - සුජීව සේනසිංහ
අවුරුදු 20ක් රටේ විපක්ෂය ලෙස කටයුතු කළ එජාපය ඉදිරියට තව අවුරුදු 20ක් වනතුරු ආණ්ඩු කරන බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේ...

https://www.sathhanda.com/2016/08/20.html
අවුරුදු 20ක් රටේ විපක්ෂය ලෙස කටයුතු කළ එජාපය ඉදිරියට තව අවුරුදු 20ක් වනතුරු ආණ්ඩු කරන බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.
එම අවුරුදු 20ක කාලය තුළ රටේ සංවර්ධනය වර්ධනය ඉහළට එසවීමට,යටිතල පහසුකම් වර්ධනය කිරීමට හැකි සෑම අයුරින්ම කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ අද (11)සිරිකොත පක්ෂ මූලස්ථානයේ රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ හමුමවකට එක්වෙමිනි.
පසුගිය කාලයේ එජාපයේ ප්‍රබලයින් නව දෙනෙකු ඝාතනයට ලක්වූ බවත්,පක්ෂය දුර්වල වූ බවත්,දැන් උදාවී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් බවත් හෙතෙම සඳහන් කළේය.
පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මේ ආණ්ඩුවේ සිටින්නේ තමාට හිමිවිය යුතු ජනාධිපති ධූරය කැපකිරීමෙන් බවත්,ජනාධිපතිවරණයේදී වැඩිම දායකත්වයක් ලබාදුන්නේද එජාපය බවත් ඔහු කියා සිටියේය.
අද දවසේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ එජාපයේ ගොවි ජනපද තුළින් බිහිවූ නායකයෙකු බවත්,ඒ අනුව තවදුරටත් දූරදර්ශිව කටයුතු කළ යුතුව ඇති බවත් සේනසිංහ සඳහන් කළේය.
සංවර්ධනයේ මන්දගාමිත්වයක් ගැන තමාටද යම් ගැටළුවක් පැවති බවත්,මුල් කාලයේ එසේ වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීමට සැලකිය යුතු කාලයක් වෙන්වුණු නිසා බවත්,මේවන විට බහුතර ආණ්ඩුවක් තුළින් සංවර්ධන වැඩපිළිවෙල දියත්වී ඇති බැවින් වසර 2-3ක් ඉවසීමෙන් ප්‍රතිලාභ දැකගත හැකිවනු ඇති බවත් ඔහු කීවේය.
තවද ගතවූ මාස 2ක තුළ මෙරට සිමෙන්ති පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද එහිදී ඒ මහතා පැවසුවේය.

Related