රතනහිමිගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්
ඊයේ (11) අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගත් ආකාරය සහ එහි අන්තර්ගතය පිළිබද මේ වනවිට වත්මන් ආණ්ඩුවට සම්බ...
https://www.sathhanda.com/2016/08/blog-post_0.html?m=0
ඊයේ (11) අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත
සම්මත කර ගත් ආකාරය සහ එහි අන්තර්ගතය පිළිබද මේ වනවිට වත්මන් ආණ්ඩුවට
සම්බන්ධ පිරිස් පවා විවේචනාත්මක අදහස් පළ කරමින් සිටිනවා.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ පනත සම්මත කර ගත් ආකාරය පිළිබද කිසිසේත්ම සතුටුවිය නොහැකි බවයි. එමෙන්ම අතීතය සෙවීමෙන් සෙතක් අත් වනවා දැයි උන්වහන්සේ ප්‍රශ්න කළා. ඒ, නෙත් ගුවන් විදුලියට අදහස් දක්වමින්.
ආණ්ඩුව
යන මේ ගමන තුළ රටේ ජනතාවට ඔවුන් ගැන විශාල අවිශ්වාසයක් මෙන්ම මහජන
විරෝධයක් ගොඩනැගී ඇති බවත් ආණ්ඩුව මේ පිළිබඳ තේරුම්ගත යුතුව ඇති බවත්
උන්වහන්සේ පවසනවා. මෙසේ අන්තර්ජාතික ප්‍රජාවට අවැසි ලෙස කටයුතු කරන්නට
ගියහොත් ජාතික සංහිදියාව බිඳි යනු ඇති බවද උන්වහන්සේ පවසනවා.


Related