සුජානි බෝගොල්ලාගමට ඇප - රට ගමන් තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගවර්ස් කොපරේෂන්හි සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම මෙනෙවිය කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත්...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගවර්ස් කොපරේෂන්හි සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම මෙනෙවිය කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් විසින් අද (26) බර ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

නාමල් රාජපක්ෂගේ එන්ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කොපරේෂන් සමාගම් දෙකේහි සිදුවූ බව කියන රුපියල් මිලියන 45ක වංචාවක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනුණි. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 100 බැගින් වු ශරිර ඇප 04 ක් මත ඇය මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරය‍ා ඇයට විදෙස් ගමන් ද තහනම් කළේය.
සුජානි බෝගොල්ලාගම ඇප නොදී සතියක් හෝ රිමාන්ඩ් කරවීමට එජාපය හිතවත් වෙබ් අඩවි මද ප්‍රචාර යවමින් ඒ වෙනුවෙන් මතය හදමින් සහ FCID නිලධාරීන් කිහිපදෙනෙකු දැඩි උත්සහයක් පසුගිය දිනවලදී දරනු ලැබුවත් අද දින ඇපදීම හේතුවේ ඒ සියල්ල ව්‍යර්ථ විය. සුජානි බෝගොල්ලාගමට අප ලැබුවත් නොලැබුවත් අපට කම් නැත එහෙත් අතිශෝක්තියෙන් කරනු ලබන මඩ ගැසීම ඉතා පිළිකුල් සහගතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3607874420319760117

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item