ගැමුණු විජේරත්න ඇතුළු පිරිසක් සයිටම් විරෝධී සිසුන්ට පහර දෙයි - පිරිසක් රෝහලේ (VIdeo)
සයිටම් ආයතනය රත්නපුරයේ පැවැත්වූ රැස්වීමකදී සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකුට සහ ජාත්‍යන්තර පාසලක සිසුවෙකුට පහරදීමට සම්බන්ධ පුද්ග...
https://www.sathhanda.com/2016/08/saitm.html?m=0
සයිටම් ආයතනය රත්නපුරයේ පැවැත්වූ
රැස්වීමකදී සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකුට සහ ජාත්‍යන්තර පාසලක
සිසුවෙකුට පහරදීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව පෞද්ගලික
වෛද්‍ය විද්‍යාල විරෝධී සංගමය පවසනවා. සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු
විජේරත්න ඇතුළු පිරිසක් පහරදීම සිදුකළ බවටයි එම සංගමය චෝදනා කරන්නේ. එහිදී
තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවද එම සංගමයේ
සාමාජික වෛද්‍ය අසංග වික්‍රමසිංහ පැවසුවා.
මෙම චෝදනා සම්බන්ධයෙන් සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ අද (24) දිනයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරන බවයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ අද (24) දිනයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරන බවයි.

Related