මහින්ද දකුණු කොරියානු අගමැති හමුවෙයි (VIDEO)

දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක්‌ ඊයේ...



දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක්‌ ඊයේ (10) පැවැත්වීය.

මෙම හමුව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී සිදුවූ අතර එහිදී ආසියාවේ අභිමානය ලෝකයට රැගෙන යාමට මහින්ද රාජපක්‍ෂ මහතා දැක්‌වූ දායකත්වය පිළිබඳව දකුණු කොරියානු අගමැතිවරයා ඇගයීමට ලක්කොට තිබේ.

එමෙන්ම එහිදී මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දකුණු කොරියාව දක්වා ඇති සහය පිළිබඳව කොරියානු අගමැතිවරයාව වෙත සිය ස්තූතිය පළ කොට ඇත.

හිටපු ජනාදිපතිවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම සොයා බලන බවද කොරියානු අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

මේ අතර තවත් වාර්තාවකින් පැවසුයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ සංචාරය කඩාකප්පල් කරන අකාරයේ මෙහෙයුම් කිහිපයක්ම දියත්ව ඇති බවය. එය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ මැදහත්වීම මත සිදුව ඇති බවත් සදහන්වේ.

වීඩියෝව පහතින්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5969163077098606965

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item