ජනතාවට ගැටළු රැසකට මුහුණදීමට සිදුවෙනවා
පවතින මූල්‍ය අර්බුදය හමුවේ ඉදිරියේදී ජනතාවට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මෙම ආර්ථික අර්බුදයට වගකිව යුත...
https://www.sathhanda.com/2016/09/blog-post_171.html?m=0
පවතින මූල්‍ය අර්බුදය හමුවේ ඉදිරියේදී ජනතාවට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මෙම ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ පසුගිය රජය බවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විවිධ ප්‍රකාශ සිදුකරන බව එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත පවසයි.
සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ දස වන සම්මේලනයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
අවම වැටුපකට දුක් විදින ජනතාව වතුකම්කරුවන් බව පවසන කේ.ඩී.ලාල්කාන්ත වැඩිදුරටත් සඳහන් කළේ වතුකම්කරු ගැටළු මුල්කරගනිමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස ඉදිරියේ දී අරගල රැසක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.


Related