වැට්‌ සංශෝධන පනත ජනතාවට හානිකර නම් ඒකාබද්ධ විපක්‍ෂය එය යළි හරවනවා - ගාමිණී ලොකුගේ

වැට්‌ බදු සංශෝධන පනත් කෙටුම්පත කෙසේ සංශෝධනය කර ගෙනාවත් ජනතාවට එය හානිකර එකක්‌ නම් නැවත වතාවක්‌ එය ආපසු හැරවීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කර...

වැට්‌ බදු සංශෝධන පනත් කෙටුම්පත කෙසේ සංශෝධනය කර ගෙනාවත් ජනතාවට එය හානිකර එකක්‌ නම් නැවත වතාවක්‌ එය ආපසු හැරවීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන බව කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

අපි නිසා තමයි මේ වැට්‌ බදු සංශෝධන පනත් කෙටුම්පත පළමු වතාවේදී නතර කර ගන්න පුළුවන් වුණේ. එය ජනතාවට පීඩාකාරී ජනතාව මර්දනය කරන, ජනතාව කබලෙන් ලිපට ඇද දමන පනතක්‌ ලෙස එදා අපි තේරුම් ගත්තා. ඒ නිසා ජනතාවගේ පැත්තේ ඉඳන් අපි උද්ඝෝෂණ කළා. කඩ සාප්පු වසා දමමින් වෙළෙන්දන් ඒ උද්ඝෝෂණවලට සහභාගි වුණා. ජනතාවගේ දායකත්වය ඊට ලැබුණා. අන්තිමේදී පාර්ලිමේන්තුවේදීත් අරගල කළා. එතනින් නොනැවතී අධිකරණයටත් ගියා. අන්තිමට අපි ඒ අයුක්‌ති සහගත පනත නතර කර ගත්තා. දැන් ආයෙත් පනත ගෙන ඒමට සූදානම් වෙනවා. හැබැයි ඒ පනතත් කලින් පනත වගේ එකක්‌ නම් අපි කොහොම හරි ඒකත් නතර කරනවා. ඒ සඳහා ඇති නීතිමය ඉඩ ප්‍රස්‌ථාවන් බලලා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්‌ම ගන්නවා. ජනතාව තලන පෙළන මේ වගේ පනත්වලට අපි ඉන්න කල් ඉඩක්‌ ලැබෙන්නේ නැතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2092303377423681058

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item