බංගලාදේශයේ ලෙයින් ගංවතුර ගලයි - ලොවම මවිත කල ජායාරුප
ලොව වටා වෙසෙන මුස්ලිම් ප්‍රජාව ඊද් උත්සවය සමරමින් සිටින අතරතුර බංග්ලාදේශයේ ඩකා අගනුවර වීදි ලේ පැහැති ජලයෙන් යට වී පවතින ආකාරය දැක්වෙන ඡ...

https://www.sathhanda.com/2016/09/blog-post_399.html
ලොව වටා වෙසෙන මුස්ලිම් ප්‍රජාව ඊද් උත්සවය සමරමින් සිටින අතරතුර බංග්ලාදේශයේ ඩකා අගනුවර වීදි ලේ පැහැති ජලයෙන් යට වී පවතින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාල තුළ පළ වෙමින් තිබේ.
වීදි තුළ වූ ජලය රත් පැහැ ගැන් වී ඇත්තේ ඊද් උත්සවය වෙනුවෙන් මරණයට කැප කරන ලද සතුන්ගේ රුධිරය ඩකා අගනුවර ඇතැම් ප්‍රදේශ තුළ පවතින ගංවතුර සමග මිශ්‍ර වීමෙනි.
බීබීසී බංගලාදේශ සේවය වාර්තා කරන පරිදි ඩකා අගනුවර පිහිටි වීදි හෝ ජනාකීර්ණ ගොඩනැගිලිවලට අයත් රථ ගාල් තුළ මේ වසරේදී ලක්ෂයකට ආසන්න සතුන් මරණයට කැප කරනු ලැබ තිබේ.
අඟහරුවාදා උත්සවය සමරන අතරතුර පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අගනුවර ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී ඇති අතර ශාන්තිනගර් සහ වෙනත් ප්‍රදේශ තුළ මරණයට කැප කරන ලද සතුන්ගේ රුධිරය සහ අපද්‍රව්‍ය ගංවතුර හා මිශ්‍ර වී තිබෙනු දැක ගත හැක.
සතුන් මරණයට කැප කිරීමේ ආගමික චාරිත්‍රය විවේචනයට ලක් කරමින් ඇතැම් පිරිස් ඉහත කී ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළ කරමින් සිටිති.
සෙසු පිරිස් සතුන් මරණයට කැප කිරීමේ ආගමික චාරිත්‍රය සාධාරණීකරණය කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටිති.
මේ අතර වීදි තුළ වූ ජලය බැස යෑමේ කාණු පද්ධති නිසියාකාරව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් නගරවාසීහු බලධාරීන්ට දොස් පවරති.
Related