බෑන් කී මූන්ගේ බෑණා ශ්‍රී ලංකාවේදී යුද අපරාධ කරලා
එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ බෑණා වූ හිටපු මේජර්වරයකු වූ සිද්ධාර්ත් චැටර්ජිටද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කිරීම ගැන චෝදනා එල්...

https://www.sathhanda.com/2016/09/blog-post_455.html
එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ බෑණා වූ හිටපු මේජර්වරයකු වූ සිද්ධාර්ත් චැටර්ජිටද ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කිරීම ගැන චෝදනා එල්ල වී ඇත. 1987 වසරේ දී මෙරට සිටි ඉන්දීය සාම සාධක හමුදාවේ විශේෂ බළකායේ සේවය කළ මේජර් චැටර්ජි මැරුම් කෑ කොටි ත්‍රස්‌තවාදීන්ගේ මළසිරුරු සමඟ ඡායාරූපවලට පෙනී සිටි බවද ඇමරිකාවේ ඉනර්සිටි ප්‍රෙස් ප්‍රවෘත්ති සේවාව කියා සිටී.
මෑතකදී බෑන් කී මූන් තම බෑණා වූ චැටර්ජි කෙන්යාවේ එක්‌සත් ජාතීන්ගේ ධුරයකටද පත්කර ඇත.
මේජර් චැටර්ජි යාපනය රෝහලේ වෛද්‍යවරුන් ඝාතනයටද සම්බන්ධ බවට තවදුරටත් චෝදනා එල්ල වී ඇත.
1987 ඔක්‌තෝබර් 22 දා යාපනය රෝහලට ඉන්දීය භට පිරිසක් කඩාවැදී වෛද්‍යවරු ඇතුළු 60 ක් මරාදමා ඇත.
Related