කෝටි හතක් අවභාවිතා කළැයි ප්‍රසන්න රණතුංගට චෝදනාවක්
බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ...
https://www.sathhanda.com/2016/09/blog-post_627.html?m=0
බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා ඇත.
දැනටම තවත් 15 දෙනෙකුගේ කට උත්තර ලබා ගෙන ඇතැයිද ප්‍රධාන ඇමැතිවරයා කොළඹ, ගම්පහ හා කළුතර ව්‍යාපෘති 333ක් මෙම මුදල් යොදා ඇතැයිද දැන ගන්නට ඇත.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සහ රජයට විපක්ෂව ප්‍රධානව හඬක් නගන ප්‍රසන්න රණතුංග මින් පෙර අවස්ථා කිහිපයකදී ප්‍රශ්නකිරීම් වලට ලක්වූ අතර ඉන් කිසිවක් ඉදිරියට ගෙනයාමට කරුණු හොයාගනීමට නොහැකි විය.

Related