අධ්‍යාපන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන එස්.එස්. හෙට්ටිආරච්චි පත්කර තිබේ. ඒ මහතා අද...

https://www.sathhanda.com/2016/09/blog-post_65.html
ඒ මහතා අද (01) පෙරවරු 9.30ට අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩභාර ගැනීමට නියමිතය.
දශක තුනක කාලයක් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රවල තනතුරු ගණනාවක් හොබවා ඇති ඔහු රාජ්‍ය සේවයට නව හඳුන්වාදීම් රැසක් සිදුකළ ජ්‍යේෂ්ඨ පරිපාලන නිළධාරියෙකු වශයෙන් වඩාත් කතාබහට ලක් වූ අයෙකි.
කලක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද සේවය කර ඇති එස්.එස්. හෙට්ටආච්චි ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී නව පත්වීම සිදුකර ඇත.
Related