එළුග තමිල් පසුපස නෝර්වේ
එළුග තමිල් යනුවෙන් හඳුන්වමින් යාපනයේදී පසුගිය සෙනසුරාදා පැවැත්වූ උද්ඝෝෂණ රැලිය පිටුපස නෝර්වේහි තෙදියවන් කණ්ඩායම සිටි බව අනාවරණය වී ඇත. ...
https://www.sathhanda.com/2016/09/blog-post_814.html?m=0
එළුග තමිල් යනුවෙන් හඳුන්වමින් යාපනයේදී පසුගිය සෙනසුරාදා පැවැත්වූ උද්ඝෝෂණ රැලිය පිටුපස නෝර්වේහි තෙදියවන් කණ්ඩායම සිටි බව අනාවරණය වී ඇත.
මේ බව සනාථ වී ඇත්තේ නෝර්වේ ඊළාම්වාදීන් මෙම උද්ඝෝෂණයෙන් පසු එරට ඊළාම් ජනතාව අමතමින් තමිල් අරසුකච්චි පක්ෂය උතුරින් පන්නා දමන බවත් උතුරේ ජනතාව ඊට පෙරමුණ ගෙන ඇති බවත් ප්‍රකාශ කිරීමයි.
උද්ඝෝෂණය පැවැත්වීමට අපි මූල්‍ය ආධාර සැපයුවා යෑයි නෝර්වේ තෙදියවන් කණ්ඩායම තවදුරටත් ප්‍රකාශ කර ඇත.
විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ උද්ඝෝෂණය ගැන සිය සතුට පළකර ඇති තෙදියවන් කණ්ඩායම තමිල් අරසුකච්චි පක්ෂයේ බලය ලබාගැනීමට අවස්ථාව පැමිණ ඇති බවද සඳහන් කර තිබේ.

Related