මැලේසියාවේ වූ දේ ලංකාවෙත් වෙන්න පුළුවන්
ඉන්දීය සම්භවයක් ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් පිරිස් මැලේසියාවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතාවක් දැක්වූවානම්, මැලේස...

https://www.sathhanda.com/2016/09/blog-post_99.html
අද පුවත්පත වෙනුවෙන් මන්ත්‍රිවරයා රචනා කරන 'කුරහන් සුවඳ' තීරු ලිපියෙන් ඔහු මේ බව විස්තර කරයි. එසේම මැලේසියාවේ ඇතිවූ සිද්ධිය පිළිබඳව ශ්‍රි ලංකා රජයේ වැඩි අවධානයක් යොමුවිය යුතු බවද ඔහු පවයි.
"මෙය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් බලවත් ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් ලෙසයි මම දකින්නේ. මැලේසියාවේදී මහින්ද රාජපක්ෂට ප්‍රහාරයක් එල්ල වූණා, විරෝධයක් තිබුණා කියා සිතා යටි මනසින් සතුටු නොවිය යුතු බවයි මගෙ අදහස. මේ සිදුවීමෙන් පසුව අපි තවදුරටත් ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකිය යුතු වෙනවා.
ඉන්දියානු සම්භවයක් ඇති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට මැලේසියාවේ මෙවැනි දෙයක් කරන්න පුළුවන් නම් ලංකාවේ මේ වගේ දෙයක් වෙන්න බැරිද? ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට තියෙන්නේ කිලෝමීටර් 32යි. ලංකාවේ ජනගහනය වගේ කිහිප ගුණයක් ජතාවක් තමිල්නාඩුවේ සිටිනවා. ඔවුන්ට තමිල්නාඩුවේ සිට ලංකාවට එන්න යන්නේ විනාඩි කිහිපයක් පමණයි. ඉතින් මැලේසියාවේදී ඔවුන්ට ක්‍රියාකාරී වෙන්න පුළුවන්නම් පැහැදිලිව උපකල්පනයක් කරන්න පුළුවන් මේ අයට සෘජුවම ලංකාවට ඇවිත් මෙවැනි දෙයක් කරන්නත් පුළුවන් කියලා. එය වෙන්නත් බැරිකමක් නෑ." යැයි සිය තීරු ලිපියෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.
Related