'TNA සාමාජිකයෙකු වීම එල්ටීටීඊ සාමාජිකයෙකු වීමට සමානයි - කැනඩාව තීරණය කරයි
දෙමළ ජාතික සන්ධානයේ (TNA) සාමාජිකයෙකු වීම එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු වීමට සමාන බවට කැනඩාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් තීන්දුකර ඇතැයි වාර...

https://www.sathhanda.com/2016/09/tna_15.html
දෙමළ ජාතික සන්ධානයේ (TNA) සාමාජිකයෙකු වීම එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු වීමට සමාන බවට කැනඩාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් තීන්දුකර ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ සිට කැනඩාවට ගිය ශ්‍රී ලාංකිකයකු කැනඩාවේ සරණාගත තත්ත්වය ඉල්ලා ෆෙඩරල් අධිකරණයට අභියාචනයක් ගොනුකර තිබේ.
ඔහු දෙමළ ජාතික සන්ධානයේ (TNA) ක්‍රියාකාරිකයකු බව පැවසේ.
අදාළ පුද්ගලයාගේ අභියාචනය සලකා බැලූ ෆෙඩරල් අධිකරණය එහිදී සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය (TNA) යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන ව්‍යාපාරය බවයි.
එබැවින් එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්ත සංවිධානයක් බවට නම්කර ඇති හෙයින් එහි දේශපාලන ව්‍යාපාරය වන දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකු වීම එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු වීමට සමාන බවට අධිකරණය තීන්දු කර ඇත.
Related