බැඳුම්කර මිලට ගත් සමාගම බිලියන 66ක් ණය ලබාගෙන 1853% ක ලාභයක් ලබාගෙන
බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ල වී තිබෙන සමාගම පසුගිය වසරේ පෙබරවාරි 27 වනදින සිට මේ වසරේ මාර්තු 29 දක්වා කාලය තුළ මහ බැංකුවෙන් රුපියල් බිලිය...

https://www.sathhanda.com/2016/10/66-1853.html
එලෙස ලබාගත් ණය මුදල් බැඳුම්කර හරහා නැවත මහ බැංකුවට ලබාදී තිබෙන බවත්, ඒ හරහා ඔවුන් 1853% ක ලාභයක් ලබාගෙන තිබෙන බවද පවසා සිටියේය
අද (27දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ කෝප් කමිටු සාමාජික අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ රුපියල් බිලියන 66ක් ලබාගෙන තිබෙන්නේ දුරකථන ඇමතුම් ලබාදීමෙන් බවය. මීට අමතරව ලංකා බැංකුවෙන් එක් දුරකථන ඇමතුමකින් රුපියල් බිලියන 13ක් ලබාගෙන තිබෙන බවට හෙළිවී ඇතැයිද පවසා සිටියේය.
මහබැංකුව විසින් රුපියල් බිලියන 66 ලබාදීමේදී කිසිදු ආරක්ෂිත ක්‍රම‘වේදයක් භාවිතකර නොමැති බවත්, මේ පිළිබඳව හෙළිවීමෙන් පසු ඔවුන්ට රුපියල් මිලියන 21ක දඩ මුදලක් පනවා තිබෙන බවද සඳහන් කළේය.
Related