මෛත්‍රී අමෙරිකා ගියේ 73ක් එක්කයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා අමෙරිකාවට ගියේ 73දෙනෙකු කැටුව යැයි පිවිතුරු නායක පා.ම උදය ගම්මන්පිල පවසයි. රත්නපුරදී දැන් ...



ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා අමෙරිකාවට ගියේ 73දෙනෙකු කැටුව යැයි පිවිතුරු නායක පා.ම උදය ගම්මන්පිල පවසයි.

රත්නපුරදී දැන් පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ජනරැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

නුදුරු අනාගතයේදීම මහින්ද රාජපක්ෂ මහතාගේ ස්වර්ණමය යුගය එන බවත්, ඡන්දයක් තිබුණොත් පරාජය වී ගෙදර යාමට සිදුවන නිසා මෛත්‍රී - රනිල් තරඟයට ලෝකය බලන්න යන බවත්, "එයා යනකුට මෙයා එන බවත්, මෙයා යනකුට එයා එන බවත්", උදය ගම්මන්පිල මහතා කීවේය.

පසුගියදා අමෙරිකාවේ නොගියේ රජ ගෙදර බල්ලා විතරක් යැයිද පැවසූ ඒ මහතා ඔහු අමෙරිකාවේ සිට එද්දී රනිල් නවසීලන්තයට ගිය බවත්, රනිල් එද්දී මෛත්‍රී තායිලන්තයේ ගිය බවත්, මෛත්‍රී එද්දී රනිල් බෙල්ජියමේ යාමට සිටින බවත්, හෙතෙම පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4992300170767320916

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item