ප්‍රකාශයේ වැරැද්දක් නෑ - වැරදි අර්ථකථන එපා

තමන් මෑතකදී දෙමළ භාෂවෙන් කියූ දෙයක් දකුණේ සිංහල ජනතාව වැරදි විදියට තේරුම් අරගෙන ඇති බවත්, තමන් එහිදී නොකියූ දේවල් ගැන විවේචනය කර ...



තමන් මෑතකදී දෙමළ භාෂවෙන් කියූ දෙයක් දකුණේ සිංහල ජනතාව වැරදි විදියට තේරුම් අරගෙන ඇති බවත්, තමන් එහිදී නොකියූ දේවල් ගැන විවේචනය කර ඇති බවත් විග්නේශ්වරන් කියා සිටියේ යාපනය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති 42වන ජාතික ක්‍රීඩා උළෙලේ සමාප්ති අවස්ථාවට එක්වෙමිනි.

හින්දු කෝවිලක්, බෞද්ධ විහාරයක්, ක්‍රිස්තියානි පල්ලියක් හෝ මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමට පෙර එම ස්ථාන ඉදිකිරීමට අපේක්‍ෂිත ප්‍රදේශය අයත් පළාත් පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඉදිකිරීම් කළයුතු බව නීතියේ පවත්නා බව ඔහු සිහිපත් කළේය.

ඒ හැර හිතුවක්කාරකමකින් හමුදාවේ සහාය අරගෙන මිනිස්සුන්ගේ පෞද්ගලික ඉඩම්වල සිද්ධස්ථාන නිර්මාණය කිරීම, බලහත්කාරයෙන් කරන කටයුත්තක් බැවින් එහෙම කරන එකේ බලාපොරොත්තුව මොකක්ද කියලා අපේ මිනිස්සු අහන බව තමා කියූ බව විග්නේශ්වරන් මහතා සඳහන් කළේය.

එම ප්‍රකාශයේ වැරැද්දක් ඇතැයි තමන්ට නොතේරෙන බවත්, එම නිසා තමාගේ ප්‍රකාශය නියම ආකාරයට කියවා තේරුම් අරගෙන විවේචනය කරන ලෙස ඉල්ලා සිටින බවත් උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4075361838483473029

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item