මල් කැකුළ තලා දැමූ පාපතරයා පෝරකයට

නිවසේ නිදා සිටි සිය අක්‌කාගේ 6 හැවිරිදි දියණිය රහසිගතව පිටතට කැඳවාගෙන ගොස්‌ අමානුෂික ලෙස දූෂණය කර කුණු ඇළකට විසිකර මරා දැමූ නරුම මාමා කෙන...

නිවසේ නිදා සිටි සිය අක්‌කාගේ 6 හැවිරිදි දියණිය රහසිගතව පිටතට කැඳවාගෙන ගොස්‌ අමානුෂික ලෙස දූෂණය කර කුණු ඇළකට විසිකර මරා දැමූ නරුම මාමා කෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන ඊයේ (25 දා) මරණීය දණ්‌ඩනය නියම කළාය.

කිරුළපන සිද්ධාර්ථ පාරේ පදිංචි 23 හැවිරිදි රවින්ද්‍රන් සුරේන්ද්‍රන් හෙවත් "බෝලේ" නමැති විත්තිකරුට එලෙස මරණීය දණ්‌ඩනය නියම විය. 2012.06.30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කිරුළපන සිද්ධාර්ථ පාරේ පිහිටි තම නිවසට නෑගම් පැමිණි එම දැරිය අමානුෂික ලෙස දූෂණය කර තිබූ චූදිත දැඩි විඩාවට පත්ව සිටි දැරිය පණපිටින්ම සිය නිවස අසල කිරුළපන කුණු ඇළට විසිකර දමා ඇති බවටත් එමගින් ඇගේ මරණය සිදුවී ඇති බවටත් පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇතැයි නිගමනය කළ විනිසුරුවරිය එම නියෝගය කළාය.

ඔහුගේ මිතුරන් දෙදෙනකු වන වඩුවෙල් සුරේෂ් කුමාර් සහ සුබ්‍රමනියම් රමේෂ් නමැති දෙදෙනාට ද චෝදනා එල්ල වී තිබුණත් ඔවුනට එරෙහිව සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු වී නොමැති බවට නිගමනය කළ විනිසුරුවරිය ඔවුන් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ පසිඳු සෙනවිරත්න මහතා පෙනී සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6860528919579086748

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item