පාෂාණ පබ්බත විහාරය ඓතිහාසික බෞද්ධ උරුමයක්

නැගෙනහිර කල්අඩි හෙවත් පුණ්ණාඩිහි පිහිටි පාෂාණ පබ්බත විහාරය ක්‍රි.ව. 7ට එහා ගිය ඉතිහාසයක් ඇති බෞද්ධ පුදබිමක් මිස හින්දු කෝවිලක් තිබූ ස්ථාන...

නැගෙනහිර කල්අඩි හෙවත් පුණ්ණාඩිහි පිහිටි පාෂාණ පබ්බත විහාරය ක්‍රි.ව. 7ට එහා ගිය ඉතිහාසයක් ඇති බෞද්ධ පුදබිමක් මිස හින්දු කෝවිලක් තිබූ ස්ථානයක් නොවන බව එහි ඇති සෙල්ලිපිවලින්ද තහවුරු වන්නේ යැයි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

පාෂාණ පබ්බත විහාරයේ ඉපැරණි ෙචෙත්‍යය සමතලා කර ඒ මත කොටි සංවිධානය තම ගුවන් විදුලි සම්ප්‍රේෂණ කුලුන ඉදිකර තිබූ බවත් ඒ අනුව නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු එම විහාරයේ අයිතිය ඉල්ලීම් තනිකරම නැති ප්‍රශ්න ඇති කිරීමේ අන්තවාදී ක්‍රියාවක් යැයිද මේධානන්ද හිමියෝ පෙන්වා දෙති.

“1835දී මෙහි හින්දු කෝවිලත් තිබූ බව එම මන්ත්‍රීවරු පෙන්වා දුන්නත් එය තනිකරම අසත්‍යයක්. ක්‍රි.ව 7ට පෙර මෙම විහාරය ගොඩනංවා ඇති බවට සාධක තිබෙනවා. මෙහි ඓතිහාසික සෙල්ලිපි 6ක් තිබෙනවා. යුද්ධයට පෙර මා එහි ගොස් එම සෙල්ලිපි පිටපත් කර ග්‍රන්ථයක් මුද්‍රණය කළ ක්‍රි.ව. 7දී මහාදාතික මහානාග රජතුමාගේ නියමයෙන් “සබය” නමැති ඇමැති විසින් මෙම විහාරය යළි ගොඩනංවා තිබෙන බව එහි ඇති පළමු සෙල්ලිපියේ සඳහන් වෙනවා. එසේම මහානාග රජතුමා ඇති කළ බැංකු දෙකක් පිළිබඳවත් එහි සඳහන්. සේරුවිල කුඹුරුවලින් ලැබෙන ආදායම බැංකුවේ තැන්පත් කර එහි ‍පොලිය පන්ස‍ලේ නඩත්තුවට යෙදවිය යුතු බව රජතුමා නියම කර තිබෙනවා. 6 වන සෙල්ලිපිය සටහන් කර තිබෙන්නේ මහසෙන් රජුගේ කාලයේදීය. ඓතිහාසික නටබුන් අදත් මෙම විහාර භූමියේ තිබෙනවා.

කොටි ත්‍රස්තයන් එහි පුරාවස්තු වනසා ෙචෙත්‍යය සමතලා කර කොටි හ¾ෙඩ් සම්ප්‍රේෂණ කුලුන එහි ඉදිකළා. එහි වයර් ඇද තිබුණේ සෙල්ලිපිත් වැනසෙන ආකාරයටයි. ද්‍රවිඩ මන්ත්‍රීවරු මොන ඉල්ලීම් කළත් පාෂාණ පබ්බත විහාරයේ ඉතිහාසය මකා දමන්නට බැහැ. උතුරු නැගෙනහිර බොහෝ කෝවිල් ඉදිකර තිබෙන්නෙත් අපේ ඉපැරණි පන්සල් කඩා ඒ උඩ බව මෙම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් පෙන්වා දිය හැකියි යැයිද මේධානන්ද හිමියෝ ලක්බිමට පැවැසූහ.

ජනක හෙට්ටිආරච්චි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8636434453212821884

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item