අලුත් පක්ෂයක් ගොඩනැඟීම බැසිල්ගේ හීනයක් -ශ්‍රීලනිප හීනයක් නෙවෙයි

අලුත් පක්ෂයක් ගොඩනැඟීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින බවට තමන්ටද ආරංචි ලැබෙන බවත්,එහෙත් එය බැසිල්ගේ හීනයක් පමණක් බවත් බස්නාහිර පළාත...

අලුත් පක්ෂයක් ගොඩනැඟීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින බවට තමන්ටද ආරංචි ලැබෙන බවත්,එහෙත් එය බැසිල්ගේ හීනයක් පමණක් බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය පවසයි.

එහෙත් එය ශ්‍රීලනිප පාක්ෂිකයාගේ හීනය නොවන බව අමාත්‍යවරයා කියා සිටියේ අද(02)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එබැවින් ඒකාබද්ධ විපක්ෂය හා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රීලනිපය ක්‍රියා කරන බවත්,බෙදී වෙන්වීම නොව එකට එක්ව කටයුතු කිරීම වඩා වැදගත් බවත් ඔහු අවධාරණය කළේය.

විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පාරට බස්සවා ඇත්තේ දේශපාලන හස්තයක් විසින් බවත්,තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රණවිරුවන් දඩමීමා කරගැනීම ගැන කනගාටුවන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත් මේ අයුරින් නියමිත කාලයට පෙර විශ්‍රාම ගිය විශ්‍රාම වැටුප් නොලබන ආබාධිත රණවිරුවන් සිටින්නේ 4500ට අඩු පිරිසක් බවත්,ඒ අයගේ ගැටළුවට එළඹෙන අයවැයෙන් විසඳුම් ලැබෙනු ඇති බවත් දේවප්‍රිය මහතා සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3650278140173211290

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item