බේකරි නිෂ්පාදන මිල ඉහළට

වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා වැඩි කිරීම හේතුවෙන් පාන් හැර බනිස්, මාළුපාන් ඇතුළු අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුව ඇතැ...

වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා වැඩි කිරීම හේතුවෙන් පාන් හැර බනිස්, මාළුපාන් ඇතුළු අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුව ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

පාන් සඳහා වැට් බද්ද ක්‍රියාත්මක නොවූවද මාලු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවලට සියයට 15ක වැට් බද්දට අමතරව සියයට 2 ජාතිය ගොඩනැගීමේ බද්ද ද ඇතුළු සියයට 17ක් වශයෙන් බදු ඇතුළත්ව ඇති බවත් මේ හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම අසීරු වී ඇති බවත් බේකරි හිමියා කබලෙන් ලිපට වැටී ඇති බවත් හෙතෙම සදහන් කළේය.

බනිස්, මාළු පාන් හා සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5.00කින් ඉහල යා හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරන්නේ රජය සෑම අංශයකටම බදු පනවා පාරිභෝගිකයා පීඩාවට පත්කරමින් සිටින අවස්ථාවක ජල ගාස්තුවද වැඩි කිරීම ගහෙන් වැටුන මිනිසාට ගොනා ඇනීමට සමාන ක්‍රියාවක් බවයි.

ජලය පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍යම සේවාවක්වන අතර ජල ගාස්තුව වැඩි වීම නිසා හෝටල් හා බේකරිවැනි ආයතනවල අලෙවි කරන සියලුම භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

ජලසම්පාදන මණ්ඩලයේ පිරිවැය කළමනාකරණය කරනවා වෙනුවට එහි වියදම් ඉහළ යාම පාරිභෝගිකයාට පැටවීම කිසිසේත්ම අනුමත කල නොහැකි බවත් ජල සම්පාදන මණ්ඩලයට නියාමන අධිකාරියක් තවම ස්ථාපිත කර නැති බවත් ඔවුන්ට ජනතාව පීඩාව පත්කිරීමට ඉඩ දී රජය නිහඩව සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 199805352833907061

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item