ලසන්ත ඝාතකයින් සොයන්න පොලිසිය යළිත් ජනතා සහය පතයි - මෙතක් පරීක්ෂණ වලින් වැදගත් යමක් අනාවරණය වී නැ!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව අවශ්‍යව සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය ලබාගැනීමට පොලිසිය යළිත් තීරණය කර තිබේ. ...

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව අවශ්‍යව සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය ලබාගැනීමට පොලිසිය යළිත් තීරණය කර තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශය අනුව එම සැකකරුගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රයට නගා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව පොලිස් මූලස්ථානය විසින් මීට පෙර මාධ්‍ය වෙත නිකුත් කර තිබූ සැකකරුවෙකුගේ ඡායා රූපයක් නැවතත් නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අවුරුදු 35 ක පමණ පෙනුමැති මෙම පුද්ගලයා උසින් අඩි 5 ක් සහ අඟල් 8ක් පමණ වන බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0112 422 176, 0112 380 380, 0718 305 528, 0718 349 505, 0773 291 500, 0718 070 207 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙතෙක් සිදුකල පරීක්ෂණ වලින් වැදගත් යමක් අනාවරණය වී නොමැති බව මෙම නිවේදනය අනුව තහවුරු වේ. මින් පෙර සැකපිට අත්අඩංගුවට ගත්තා යයි පැවසු පුද්ගලයන් මෙයට සම්බන්ද නම් මෙම අනෙක් පුද්ගලයා සම්බන්දයෙන් විමසිය යුත්තේ ඔහුගෙනි, නැතුව මහජනයාගෙන් නොවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1268351398187485274

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item