මන්ත්‍රී වාහන: "නීතිපති අනුමත කළොත් මම අත්සන් කරනවා" - නිමල් බෝපගේ

මන්ත්‍රීවරුන්ට කුලී පදනම යටතේ වාහන ලබාදීම සඳහා ඉදිරිපත් කර ඇති ගිවිසුම නැවත සකස්කොට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගතහොත් පමණක් තමා ඊට අත්සන් ත...

මන්ත්‍රීවරුන්ට කුලී පදනම යටතේ වාහන ලබාදීම සඳහා ඉදිරිපත් කර ඇති ගිවිසුම නැවත සකස්කොට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගතහොත් පමණක් තමා ඊට අත්සන් තබන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ පවසයි.

බීබීසී සංදේශය සමඟ කළ විශේෂ සාකච්ඡාවකදී ඔහු තවදුරටත් කියා සිටියේ කියා සිටියේ වත්මන් තාක්ෂණ ඇගයීම් කමිටුවත්, ප්‍රසම්පාදන කමිටුවත් ප්‍රතික්‍ෂේප කර ඇති මෙම ගිවිසුම ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ තුළින් ද ප්‍රතික්‍ෂේප වී ඇති බවය.
එවැනි තත්වයක් යටතේ රජයේ නිලධාරියෙකු හැටියට ඊට අත්සන් තැබීම මගින් තමන් අවදානමකට මුහුණ දෙන බව ඔහු පැවසීය.

එක් වාහනයක් වෙනුවෙන් මසකට ආසන්න වශයෙන් රුපියල් හත් ලක්ෂයක් බැගින් පස් වසරක් පුරා විශාල මුදලක් ගෙවනු ලැබුවත් එම වාහනය රජයට අයිති නොවන බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

අවදානම
"මට යුතුකමක් තියෙනවා මෙවැනි දෙයක අඩුපාඩුකම් අගමැතිවරයාට පෙන්වා දෙන්න. මොකද ඉදිරියේදී කිසියම් පරීක්ෂණයකට මුහුණ දෙන්න සිද්ධ වුනොත්, අපිට වර්තමානයේ අත්දැකීම් ගණනාවක් තියෙනවා, පහුගිය රජයේ මෙවැනි අවස්ථාවන්හිදී එවකට සිටි නිලධාරීන් කොයිතරම් අවදානමකට දැන් මුහුණ දෙනවද කියල." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම විවේචනයට ලක්වී ඇතත් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරමින් වත්මන් රජය විනිවිද භාවයකින් යුක්තව කටයුතු කිරීමට උත්සාහ කරන පරිසරයක රජයේ නිලධාරියකු හැටියට තමා සත්‍ය කතාව මාධ්‍යයට හෙළිකළ බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ පවසයි.

සත්‍ය කතාව
"මේකෙ තියෙන සත්‍යය විකෘති වෙලා තමයි මාධ්‍යවල බොහෝවිට පළවෙන්නේ. ඒ නිසා මේ සත්‍ය කතාව ඔබ වැනි පිළිගත් මාධ්‍යයන්ට කියන්න සිද්ධවෙනවා. මේක ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අපහසුතාවයට පත්කරන දෙයක් නෙමෙයි. රජය ආරක්ෂා කරන වැඩපිළිවෙලක්." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේ සිදුකළ ක්‍රියාකාරකම් පිළිබඳව ඔහුටද දූෂණ චෝදනා එල්ල වී ඇතිබව බීබීසී පෙන්වා දුන්විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ කියා සිටියේ ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සුදානම් බවය.
- BBC-



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1195488687644437850

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item