සුපිරි ඇමැතිවරයකු හදන්න ශ්රීලනිපය තරයේ විරුද්ධයි - චන්දිම වීරක්කොඩි
අධික බලතල සහිත සුපිරි ඇමැතිවරයකු නිර්මාණය කිරීමේ කටයුත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ විරුද්ධ බව ඛනිජ තෙල් සංවර්ධන ඇමැති නීතිඥ චන්දිම ...
https://www.sathhanda.com/2016/12/blog-post_447.html?m=0
අධික බලතල සහිත සුපිරි ඇමැතිවරයකු නිර්මාණය කිරීමේ කටයුත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ විරුද්ධ බව ඛනිජ තෙල් සංවර්ධන ඇමැති නීතිඥ චන්දිම වීරක්කොඩි ඊයේ (20 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එවැනි කටයුත්තක් කිරීමේ නීතිමය ප්රතිපාදනයකට ශ්‍රීලනිප පක්ෂය එකඟ නොවන බවත් සුපිරි ඇමැතිවරුන් නිර්මාණය කිරීමේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්නා බවත් හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වූයේ එවැනි සුපිරි ඇමැතිවරුන් බිහි කිරීම නිසා බවත් වීරක්කොඩි පැවැසීය.
නමුත් මෙරටට ආයෝජන අවස්ථාවන් කඩිනමින් ගෙන ඒම සහ සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා ශ්රීලනි පක්ෂය එකඟ බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

Related