සුපිරි ඇමති උතුරු මැදදීත් පරාජය වෙයි
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත උතුරු මැද පළාත් සභාවේදී අද (23) වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා. පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 19ක්...
https://www.sathhanda.com/2016/12/blog-post_460.html?m=0
පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 19ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද 10ක් පමණයි.
මේ අතර උතුරු පළාත් සභාව ද මෙම පනත අද ඒකමතිකව පරාජය කළා.
පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් පනතට විරෝධය පළ කරමින් ඡන්දය ලබාදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මෙම පනත මගින් සුපිරි අමාත්‍යවරයෙකු බිහි කෙරෙන බවට ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.
අදාළ පනත මගින් පළාත් සභා සතු බලතල කප්පාදු වන බවයි පනතට විරුද්ධව ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ.

Related