ජීවිත හයක් බේරාගත් වීරයා

බදුල්ල - මහියංගනය මාර්ගයේ බුද්ධංකොට්ට හංදිය අසලින් ගලාබසින ලොග්ගල්ලා ඔය අන්තර් නිම්න ඇළ (මහවැලි ඇළ) මාර්ගයට ඊයේ (26දා) සවස ඇදවැටී ගසාගෙන ගි...

බදුල්ල - මහියංගනය මාර්ගයේ බුද්ධංකොට්ට හංදිය අසලින් ගලාබසින ලොග්ගල්ලා ඔය අන්තර් නිම්න ඇළ (මහවැලි ඇළ) මාර්ගයට ඊයේ (26දා) සවස ඇදවැටී ගසාගෙන ගිය දරුවන් දෙදෙනෙකු හා කාන්තාවක ඇතුළු හයදෙනෙකුගේ දිවි බේරාගැනීමට එම ස්ථානයේ සිටි තරුණයෙක් සමත්වී තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ පිහිටි ටයර් පිරවුම්හලක සේවයේ නියුතු තිලක් හෙවත් වීරසිංහ මුදියන්සේලාගේ ආරියපාල (අවු.32) නමැති තරුණයෙකු මෙම ක්‍රියාව සිදුකර තිබේ.

විනෝද චාරිකාවක් සඳහා හලාවත ප්‍රදේශයේ සිට වෑන් රථයකින් පැමිණ ඇති මෙම පිරිස මෙම ස්ථානයෙන් දියනෑමට ඇළමාර්ගයට බැසීමේදී මෙම අනතුරට ලක්ව තිබේ.

මෙම ප්‍රදේශයේ මීට පෙර අවස්ථා ගණනකදීද 50කට අධික පිරිසක් වතුරට වැටී ගසාගෙන ගොස් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත්, කිසිවෙකුත් දිවි ගළවාගෙන නොමැති බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.

එම සිදුවීම සියසින් දුටු ප්‍රදේශයේ කාන්තාවක වන ඩී.එම්. සුදුකුමා මහත්මිය, ‘‘මම නාන්න කියල ඇළට ගියේ. ඒ යන කොට කට්ටියක් ඇළ ළඟ හිටියා. මම දැක්ක මුලින්ම ළමයෙක් වැටෙනවා. ඒ ළමයා ගන්න තාත්තා පැන්නා. එයා ගහගෙන යනකොට ඊළඟට ඒ අම්මා පැන්නා. ඊට පස්සෙ ළමයෙක් වඩාගෙන හිටිය පිරිමි කෙනෙක් ළමයත් එක්ක පැන්නා. ඊට පස්සෙ ඒ අය බේරගන්න තව දෙන්නෙක් පැන්නා. ඔක්කොම හයයි.

මම මේ සිද්ධිය දැකලා දුවගෙන ගිහින් එහා පැත්තෙ කඩේ අයට කෑ ගහල කිවුවා. ඒ ගමන්ම මේ ටයර් වැඩපළේ තිලක් කියන ළමය දුවගෙන ඇවිත් ඇළේ සැඩ පහරට පැනල මේ ගහගෙන ගිය දරුවයි, අම්මයි මුලින්ම ගත්තා. ඊට පස්සෙ වටේ හිටිය අයගෙත් උදවු ඇතිව අනෙක් හතර දෙනත් උඩට ගත්තා" යනුවෙන් පැවසුවාය.

මෙම වීරක්‍රියාව සිදුකළ තිලක් මහතා, "ඇළ පැත්තෙ ඉඳන් ආපු මම දන්න නැන්ද කෙනෙක් කෑ ගහගෙන ඇවිත් පිරිසක් ඇළට වැටී ගහගෙන යන බව කිවුවා. මම එතකොටම දුවගෙන ගිහින් ඇළට පැනලා දරුවවයි අම්මවයි මුලින්ම ගත්තා. ඊට පස්සෙ අනිත් අය ගත්තා. ඒ අසල සිටි අනිත් අයත් ළඟට ඇවිත් එයාල උඩට ගන්න උදවු කළා. මම මගේ ජීවිතේ ගැන හිතුවේ නැහැ. මේ කළ උදවුව ගැන මට හරිම සතුටුයි" යනුවෙන් පැවසීය. 

මෙම ස්ථානය අනතුරුදායක ස්ථානයක් බව දැක්වෙන පුවරුවක් සවිකර නොමැති අතර, කලකට ඉහතදී සවිකළ පුවරුද කැඩී ගොස් තිබේ.

සුදුකුමා මහත්මිය

තිලක් මහතා

පිරිස දියේ ගිළුණ තැන




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8813746621675111221

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item