ගැසට් මගින් සීමා නිර්ණ වාර්තාව ප්‍රකාශයට පත් නොකළොත් උසාවි යනවා - උදය ගම්මන්පිල
පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු වාර්තාව ගැසට් නිවේදනයක් මඟින් කඩිනමින් ප්‍රකාශයට පත් නොකළහොත් ඊට එරෙහිව රිට් නියෝගයක් ලබා ගැනීමට අධි...
https://www.sathhanda.com/2016/12/blog-post_626.html?m=0
පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු වාර්තාව ගැසට් නිවේදනයක් මඟින් කඩිනමින් ප්‍රකාශයට පත් නොකළහොත් ඊට එරෙහිව රිට් නියෝගයක් ලබා ගැනීමට අධිකරණය හමුවට යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.
මේ වන විට පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයා විදේශගත වී සිටින බවට විවිධ ප්‍රකාශ නිකුත් වන බව ද ඇමැතිවරයා විදේශගත වුව ද නියෝජ්‍ය ඇමැතිවරයාට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට එම වාර්තාව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ හැකි බව ද මන්ත්‍රීවරයා කීය.
ආණ්ඩුව අදාළ විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් අධිකරණය හමුවට ගොස් රිට් නියෝගයක් ලබාගන්නා බව ද ගම්මන්පිල කියා සිටියේය.
පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ (26 දා) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Related