රටේ ඒකීයභාවය වචනයට පමණක් සීමා නොවිය යුතුයි - මහින්ද රාජපක්ෂ
රටේ ඒකීයභාවය වචනයට පමණක් සීමා නොවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. රටේ ඒකීය භාවය විනාශ කරමින් ෙµඩරල් පාලනය...
https://www.sathhanda.com/2016/12/blog-post_760.html?m=0
රටේ ඒකීයභාවය වචනයට පමණක් සීමා නොවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රටේ ඒකීය භාවය විනාශ කරමින් ෙµඩරල් පාලනයක් ගෙන ඒමට උත්සාහ දරන්නේ නම් ඊට විරෝධය පළ කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රත්නපුර, ගොඩකවෙල, ශ්‍රී මහින්ද මහා විහාරස්ථානයේ විහාරාධිපති කෝම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේට ශ්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ ද්විතීය අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් පෙරේදා (11 දා) පැවැති උත්සවයට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
මෙම අවස්ථාවට ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රංජිත් සොයිසා, ජානක වක්කුඹුර හා පවිත්‍රාදේවී වන්නිආරච්චි ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.

Related