වී තොග හොර පාරෙන් ගියානම් නම් ගම් සහිතව පෙන්වන්න - ඩඩ්ලිට අභියෝගයක්
රජය සතු වී තොග කිසිවක් නියමිත පටිපාටියෙන් බැහැරව කිසිවෙකුට හෝ ලබාදී නැතැයි වී අලෙවි මණ්ඩලය පවසනවා. ක්‍රියාකාරී මෝලක් නොමැති කිසිවෙකුට වී...
https://www.sathhanda.com/2016/12/blog-post_790.html?m=0
රජය සතු වී තොග කිසිවක් නියමිත පටිපාටියෙන් බැහැරව කිසිවෙකුට හෝ ලබාදී නැතැයි වී අලෙවි මණ්ඩලය පවසනවා. ක්‍රියාකාරී මෝලක් නොමැති කිසිවෙකුට වී ලබා නොදීමට ද රජය තීරණය කර ඇති බවයි එහි සභාපති එම්. බී. දිසානායක පවසනවා.
කෙසේ වෙතත් ඊයේ (27) පැවැත් වූ මාධ්‍ය හමුවක දී මහා පරිමාණ වී මෝල් හිමියෙකු වන ඩඞ්ලි සිරිසේන පැවසුවේ මෝල් හිමියන් නොවන අතරමැදියන්ට ද වී ලබාදී ඇති බවයි. සහල් මිල වැඩිවීමට එය ද බලපාන බව ඔහු පෙන්වා දුන්නා.
රජයේ වී තොග පෞද්ගලික හිතවත්කම් මත තැනැත්තන්ට ලබා දී ඇතැයි ද ඩඞ්ලි සිරිසේන චෝදනාවක් කළා. එහෙත් එම චෝදනාව ද ප්‍රතික්ෂේප කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක පැවසුවේ. එසේ කිසිවෙකු හෝ ඇත්නම් නම් වශයෙන් පවසන්නයැයි ද ඔහු පවසනවා.
වී ලබාදීමට තීරණය කර ඇත්තේ ලියාපදිංචි මෙන්ම ක්‍රියාකාරී වීමෝල් හිමි අයට පමණක් බවයි සභාපතිවරයා පවසන්නේ. එයද ඒ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කමිටුවක් මගින් සොයා බලා අනතුරුව කැබිනට් අනුමැතියද ඇතිව තෝරාගත් මෝල් හිමියන්ට සහල් තොග ලබා දෙන බවයි ඔහු පැවසුවේ.
රජය සතු වී තොග වෙළඳපොලට මුදා හැරීම කඩිනමින් සිදු නොවන බව ඩඞ්ලි සිරිසේන ඊයේ කළ තවත් චෝදනාවක්. වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක පැවසුවේ එහි සුළු ප්‍රමාදයක් ඇතත් ඉදිරි සති දෙක තුළ ආරක්ෂිත වී තොගය හැර අනෙකුත් සියළු වීතොග නිකුත් කරන බවයි.

Related