පොලිස්පති ගැන තීන්දුවක් ගන්න ජනපතිට යෝජනාවක්?
පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඔහු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැන්වීමට ව්‍යවස්ථාදාය...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
https://www.sathhanda.com/2016/12/blog-post_873.html
පොලිස්පති පූජිත ජයසුන්දරගේ ක්‍රියා කලාපය ගැටළු සහගත බවට අද (09) රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේ සාකච්ඡා කෙරී ඇතැයි කියැවෙයි.
පසුගියදා රත්නපුර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පොලිස්පතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබීමෙන් පසු ප්‍රසිද්ධියේ පොලිස්පතිවරයාගේ හැසිරීම වැරදි බවත්, ඒ සම්බන්ධයෙන් පොලිපතිවරයාගෙන් කරුණු විමසීමක් කරන බවට මීට පෙරාතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණි.
කෙසේවෙතත් පොලිස්පතිවරයා පත්කිරීමේ බලය හිමිවන්නේ ජනාධිපතිවරයාට බැවින් හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලයක් ව්‍යවස්ථාදායක සභාවට නැති බැවින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපතිවරයාට පැවරීමට ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කළ බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Related