ළඟ එන ජාතික උවදුරක් ගැන මහින්දගෙන් අනතුරු ඇගවීමක්

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මීටත් වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහ...

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මීටත් වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ රටේ සියලු කලබල අස්සේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙළ යන නමින් නිවේදනයක් නිකුත් කරමින්.

හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ මැති ඇමතිවරුන්ට දිගින් දිගටම රථ වාහන, විශේෂ දීමනා, වරදාන ලබා දෙන ආකාරයෙන් පෙනෙන්නේ ළග එන බරපතල ජාතික උවදුරක පෙර නිමිති බවයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම යන ඉකුත් ජනාධිපතිවරණයේදි වත්මන් ආණ්ඩුව ලබා දුන් ප‍්‍රධාන පොරොන්දු කෙරෙහි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කරන ලද අනු කමිටු කිසිවක් අවධානය යොමු කර නැහැ. ඒ වෙනුවට ලැබි ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සඳහනක්වත් නොකෙරුණු කරුණු පිළිබඳ අනුකමිටු වාර්තා හයක් බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

රටට අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7519679259377471766

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item