'මාධ්‍යවේදියා ගුටි කෑවේ සදාචාරයට පිටුපෑ නිසා' - රජය කියයි

සෙනසුරාදා හම්බන්තොට වරාය තුළ හටගත් උණුසුම් වාතාවරණය තුල මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන ප්‍රහාර කිසිසේත් අනුමත කළ නොහැකි නමුත්, ගැටුම් වාර...

සෙනසුරාදා හම්බන්තොට වරාය තුළ හටගත් උණුසුම් වාතාවරණය තුල මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන ප්‍රහාර කිසිසේත් අනුමත කළ නොහැකි නමුත්, ගැටුම් වාර්තාකරණයේදී පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවර අදාළ මාධ්‍යවේදියා විසින් පැහැර හරිනු ලැබ ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය පවසයි.

එහිදී නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහර දුන් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

හම්බන්තොට වරායේ විරෝධතාවයක යෙදී සිටි සේවකයන් විසින් ග්‍රහණයට ගෙන තිබූ නෞකා දෙක මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වීමත් සමග එහි උණුසුම්කාරී තත්වයක් හට ගැනුණේය.

ඒ අවස්ථාවේ එහි පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පරුෂ වචනයෙන් බැණ වැදෙන ආකාරය සහ මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වේ.

ඒ පිළිබඳව කළ විමසීමකදී ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස තමන් පොලිසියට දන්වා ඇති බවය.


විරෝධතාවේ යෙදී සිටි සේවකයන් විසුරුවා හැරීමේදී නාවික හමුදාපතිවරයා සහ නාවික හමුදා භට කණ්ඩායම කටයුතු කළ ආකාරය වැරදි නොවන බව සඳහන් කරන ආරක්ෂක ලේකම්වරයා, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස නාවික හමුදාපතිවරයාට ද දන්වා ඇති බව ද සඳහන් කළේය.

"සිද්ධියක කෑල්ලක් පමණක් අල්ලගෙන කතාකිරීම තමයි මෙහි ඇති අඩුපාඩුව. ඒ සේවකයන් නීතිය කඩ කිරීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබෙනව. නැව් අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු කළා. ඒ සියල්ල ගෙන සමස්තයක් වශයෙන් මේ දෙස බැලිය යුතුයි," ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

"මාධ්‍යයටත් අපි කිව්වා මෙතැනින් පොඩ්ඩක් අයින් වෙන්න කියලා," ඔහු වැඩිදුරටත් කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7030718518212097013

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item