Top tenලාගේ ෆයිල් සිවිල් සංවිධාන හමුවට

දූෂණයට වංචාවට එරෙහිව රාජපක්ෂ පාලන සමයේ දී පෙනී සිටි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් යහපාලනයේ දූෂණ වංචා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිර...

දූෂණයට වංචාවට එරෙහිව රාජපක්ෂ පාලන සමයේ දී පෙනී සිටි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් යහපාලනයේ දූෂණ වංචා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට එරෙහිව, වත්මන් ආණ්ඩුවේ චෝදනා එල්ල වී ඇති මැති ඇමැතිවරුන්ගේ ලිපිගොනු රැගෙන එම සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ නිවෙස්වලටම ගොස් භාර දීමේ වැඩපිළිවෙළක් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

යහපාලන ආණ්ඩුවේ දූෂිතම ඇමැතිවරුන් 10 දෙනකු ඉලක්ක කරගෙන ඔවුන් හෙළිදරව් කිරීම සඳහා ‘Top ten’ යනුවෙන් වැඩසටහනක් ද මේ වන විට ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාවට නඟා ඇත.

මේ අතර ආණ්ඩුවේ කළුකඩ මුදලාලි කෙනෙකු සිටින බවත් යහපාලන ආණ්ඩුව චීන රජය සමඟ එළඹෙන ඇතැම් ගිවිසුම්වල දී ඔහු දැවැන්ත පරිමාණයෙන් කොමිස් මුදල් ලබා ගැනීම සිදු කර ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ ඇමැතිවරයා හොංකොං හි පිහිටි බැංකු ගිණුමක එම මුදල් තැන්පත් කර තිබෙන බවට ද තොරතුරු හෙළි කරගෙන ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර බැඳුම්කර ගනුදෙනුව සහ ගල් අඟුරු ගනුදෙනුව පිටුපස ද මෙම ඇමැතිවරයා සිටින බවට තොරතුරු හෙළිව තිබුණ ද දූෂණ විරෝධීන් ලෙස පෙනී සිටින සිවිල් සමාජ ක්‍රියකාරිකයන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීම ඔවුන්ගේ ඇති දේශපාලන පක්ෂපාතීත්වය පෙන්වීමක් බවත් පසුගිය පාලන සමයේ දී ඔවුන් විසින් එල්ල කරන ලද චෝදනා ද අසත්‍ය බව පෙන්වීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

(ඩී. මංජුල කුමාර)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6599794273503580437

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item