විගණකාධිපති නිර්දේශ නොතැකේ - ගල් අගුරු ටෙන්ඩරය ප්‍රශ්ණගත ස්විස් සිංගප්පූරු සමාගමටම දෙයි

විදුලිබල හා පුණර්ජිවන බලශක්ති අමාත්‍යාංශය රජයේ විගනකාධිපති දෙපාර්තමේන්තුවේ විසින් ලබා දුන් නිර්දේශ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයය මගින් ලබා දුන් ...

විදුලිබල හා පුණර්ජිවන බලශක්ති අමාත්‍යාංශය රජයේ විගනකාධිපති දෙපාර්තමේන්තුවේ විසින් ලබා දුන් නිර්දේශ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයය මගින් ලබා දුන් නියෝග නොතකා රජයට රුපියල් මිලියන 3900 ක් එනම් රුපියල් බිලියන 3.9 ක අලාභයක් කරමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගේ උපදෙස් මත ලංකා කෝල් සමගාම ගල් අගුරු සැපයීමේ දීර්ඝකාලීන ටෙන්ඩරය ස්විස් සිංගප්පූර් ඔවර්සීස් එන්ටර්ප්‍රයිසස් වෙත පිරිනමා ඇති බව සති අන්තයේ සන්ඩේ ටෛම්ස් පුවත් පතේ මුල් පිටුවේ වාර්තා කොට ඇත.

එම පුවත්පත සඳහන් කරන අන්දමට මෙම ප්‍රශ්නකාරි ගල් අගුරු ටෙන්ඩරය අවලංගු කිරීමට උත්සහ ගත් අවස්ථාවේ අමාත්‍යාංශයේ 2016 අගෝස්තු මස නිර්දේශය වී ඇත්තේ එම ගිවිසුම අවලංගු කලහොත් එම සමාගම මගින් ජාත්‍යන්තර බේරුම්කරනය තුලින් වන්දි ලබාගැනිමට හැකියාවක් ඇති බවත්ය. එයට හේතුවශයෙන් අමාත්‍යාංශය සඳහන් කොට ඇත්තේ ටෙන්ඩරය පිරිනමා මාස 7 ක් ගතවී ඇනුවුම් ලැබීමට නියමිත බවත් එනම් 2017 ජනවාරි 7 වෙනිදා සිට බවත් මෙසේ අවලංගු කරන්නේ නම් එම සමාගමට මාස 3 ක කාලයක් ලබා දිය යුතු බවයිග එහෙත් එම ගිවිසුම පුවත් පතේ ලියුම් කරු විසින් අධ්‍යයන කිරිමෙන් පැහැදිලි වුයේ සමාගම සමඟ ගිවිසුම පාර්ශවයේ දෙකේ කැමත්ත අනුව මසක් තුල අවලංගු කල හැකි බවයි.

ඒ අනුව එම පුවතේ සඳහන් වන්නේ අමාත්‍යාංශය විසින් මෙවෙනි වැරදි තොරතුරු සැපයියිමෙන් අමාත්‍ය මණ්ඩලයද නොමඟ යවමින් කටයුතු කොට ඇති බවයි.

රුපියල් බිලියන හතරකට ආසන්න පාඩුවක් කල ගල් අගුරු ටෙන්ඩරය ගැන කතාබහේ සැගවුනු ඇත්ත

ශ්‍රේෂ්ඨාධිකරණයේ හෘද සාක්ෂිය කැලඹූ ගල් අගුරු ටෙන්ඩරය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොතකා යළිත් එම සමාගමටම ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කටයුතු කර ඇත්තේ 2016-11-03 දින කැබිනට් තීරණය ක් අනුවය.

2016- නොවැම්බරයේදී මාධ්‍යෙව්දියකු වන සුභාෂ් ජයවර්ධන යන අය විසින් 349/2016 යන අංකයෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් මෙම සමාගමට ගල් අගුරු ටෙන්ඩරය පිරිනැමීමෙමන් විශාල පාඩුවක් සිදුවන බවත්, අදාල ගිවිසුමේ වගන්ති අනුව බේරුම්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර බේරුම්කරණයක් නොවන නිසාත්, වලංගුවන්නේ ශ්‍රී ලංකාවේ නීතීය නිසාත් මෙම සමාගමෙන් ගල් අගුරු මිලදීගනු ලබන මිල සූත්‍රය රටට අවාසිදායක නිසාත් මෙම සත්‍ය කරුණු කැබිනට් මන්ඩලයයේ අවදානයට යොමුකර මෙම කැබිනට් තීරණය වලක්වාලන ලෙස ඉල්ලා අධිකරණයට කරුනු ඉදිරිපත් කර තිබුණි. මෙහි වගඋත්තරකරුවන් වු කැබිනට් මන්ඩලය මෙම නඩුව විභාගයට ගැනීමට මත්තෙන් කඩිමුඩියේ මෙම ටෙන්ඩරය දීර්ඝ කිරීමට අනුමැතිය ලබාදී ඇත.

මෙම දිගුකාලීන ටෙන්ඩරය යටතේ ගල් අගුරු මිලදීගැනීම සිදුකරනු ලබන්නේ මිල සූත්‍රයක් පදනම් කරගනිමිනි. එනම් 58÷51.85×අදාල මාසයේ දර්ශක මිල යන සුත්‍රයයි. 58 යනු 2015 සැප්තැම්බරයේ අදාල සමාගමෙන් ගල් අගුරු ටොන් එකක් මිලදීගත් මුදල වන අතර, 51.85 යනු එම මාසයේම වෙලදපොලේ ගල් අගුරු මිලේ දර්ශකයයි. මේ පදනමම ඉතා අවාසිදායක පදනමකි. වෙලදපොලේ 51.85ට පවතිද්දී අදාල සමාගමෙන් 58 ට මිලදීගන්නේ නම් වෙලදපොලේ අඩුමිලට පවතිද්දී වැඩිමිලට මිලදීගැනීමේ පදනමකි. මෙම ටෙන්ඩරය පිරිනමන අවස්ථාව හා ඉන් පසු අවස්ථාවල ක්ෂනික මිලදීගැනීම් වලදී වෙලදපොලේ පැවති මිලට වඩා අඩුමිලට ගල් අගුරු මිලදී ගෙන ඇති බව පෙනීයයි.

ස්පොට් ටෙන්ඩර් ක්‍රමය හෙවත් ක්ෂනික මිලදීගැනීමේ ක්‍රමයට සාපේක්ෂව දිගුකාලීන ටෙන්ඩරය වන මෙම සමාගමෙන් ගල් අගුරු මිලදීගැනීම මදක් මිල අධික බව ද මුදල් අමාත්‍යංශ නිර්දේශ පරිදි කැබිනට් පත්‍රිකාවේම සදහන් කර ඇත.එසේ වැඩිමිලක් යටතේ මෙම ගල් අගුරු මිලදීගැනීම සිදුකරන්නට යන්නේ ගල් අගුරු හිගයක් ඇතිවීම වලක්වන්නට බව ද, බේරුම්කරණ ක්‍රියාවලියකදී මුදල් වැයවන නිසා බවද කියැවේ. එහෙත් ක්ෂනික මිලදීගැනීම් ක්‍රියාවලිය තුළදී කිසිදු ගැටළුවක් ඇතිවී නැති බව ද එම කැබිනට්පත්‍රිකාවේම ප්‍රකාශ වී ඇත. එසේනම් වඩාත් විනිවිදභාවයෙන් යුත් ලාභදායී ක්ෂනික මිලදීගැනීම් ක්‍රියාවලිය අනුගමනය නොකර අදික මිලක් යටතේ හා අධිකරණය විසින් ද වලංගු නොවන බව කියා ඇති ගිවිසුම දීර්ඝකරන්නේ මන්දැයි විමසිය යුතුව ඇත.

පසුගියදා විගණකාධිපති විසින් 2009 සිට මේදක්වා ගල් අගුරුගෙන්වීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පිළිබද කරන ලද වාර්ථාවකදී යහපාලන රජය යටතේ සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 04කට ආසන්න බව වාර්ථාගත කර ඇත.

කෙසේ නමුත් මෛත්‍රීපාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 10 වන පරිච්ඡේදයේ සදහන් වන්නේ ගල් අගුරුගෙන්වීමේදී මහාපරිමාණ දූෂණ සිදුවන බවත් කිහිපදෙනෙකුගේ සාක්කුවලට මුදල් පිරෙන බවත් මෙම තත්වය වලක්වා විනිවිදභාවයෙන් යුත් ක්‍රමයක් හදුන්වාදෙන බවත්ය.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇතැයි කියු මහාපරිමාණ වංචා අතර ගල්අගුරු මිලදීගැනීම් ද තිබු අතර මෙතෙක් ඒ කිසිවක් හෙලිදරව් කිරීමට සමත්ව නැත. ඇතැම් ඇමතිවරුන් කියා සිටියේ රාජපක්ෂලාගේ පුත්තු රොකට් යැව්වේ ගල්අගුරු මාෆියාවේ සල්ලිවලින් බවයි.

නමුත් විගණකාධිපතිවාර්ථාව අනුව වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් බිලියන 04කට ආසන්න මෙගා පාඩුවක් ගල් අගුරු ගෙන්වීම හරහා සිදුව ඇති නමුත් මෙතෙක් ඒ පිලිබද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මේ පිළිබදව දූෂණ විරෝධි සංවිධාන මුලදී විශාල හා හූවක් ගෙනගියද අද වනවිට ඔවුන්ගේ කටවල් වල ද ගල්අගුරු හිරවී ඇති බව විදුලිබල අමාත්‍යංශ නිළධාරීහු සදහන් කරති.

තවද මෙම ගල් අගුරුමිලදීගැනීමේ ගිවිසුම මගින් රටට මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව විගනන විමසුම්මත පාදකව ඒකාබද්ධ විපක්සයේ මන්ත්‍රීවරුන් විසින් කරුණු ඉදිරිපත් කල අවස්ථාවලදී විදුලිබල අමාත්‍යංශය කරනු ලැබුවේ විගනකාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර නිදොස්වීම වෙනුවට ඊනියා මහාචාර්වයරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර හොරාගේ අම්මාගෙන් පේන අහන්නාක් මෙන් පාඩුවක් සිදුවී ඇත්දැයි සෙවීමය. එහෙත් එම ත්‍රීපුද්ගල කමිටුවේද කට බොරුකීවත් දිව බොරු නොකියන්නාක්මෙන් ඔවුන්ගේ වාර්තාවේ 06 පිටුවේ පැහැදිලිව දක්වා ඇත්තේ ක්ෂනික මිලදීගැනීම්වලින් ගත් ප්‍රමාණය දිගුකාලීන ටෙන්ඩරය ලබාදුන් සමාගමෙන් නොගෙන ,ක්ෂනික මිලදීගැනීම් මගින් ගත් නිසා ඇ.ඩො. මිලියන 7.5 ක ලාභයක් සිදුව ඇති බවයි.

විගණකාධිපතිවරයා විසින් 2009 සිට ගල් අගුරු මිලදීගැනීම පිලිබදව සිදුකර ඇති විගනනය සහිත වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

– එන්.ඩී.අඹේපිටිය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3156805534468437042

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item