මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ - චන්ද්‍රිකා
2020 මීළග ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට සිය පක්ෂය තීරණයක් ගෙන නො...
https://www.sathhanda.com/2017/01/blog-post_54.html?m=0
2020 මීළග ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට සිය පක්ෂය තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග පවසයි.
ඒ පිළිබද සිය පක්ෂයේ අමාත්‍යවරුන් අදහස් පළ කිරීම පමණක් සිදුව ඇති බව හිටපු ජනාධිපතිනිය පැවසුවේ, කොළඹදි අද (10) පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“එක එක්කෙනා අදහස් කියනවා.. ඒත් පක්ෂය තීන්දු කරලා නැහැ. මමත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් තමයි. ජනාධිපතිතුමා පොරොන්දු වුණා..විධායක ජනාධිපති ධූරය එතුමාගේ ධූර කාලයෙන් පස්සෙ නැති කරනවයි කියලා.” යයි ඇය එහිදී සඳහන් කළාය.
ජාතික සමගිය සහ සංහිදියා කාර්යාංශය ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.


Related