සරසවි අනධ්‍යයන සේවකයෝ වර්ජනයකට සූදානම්

එකඟ වූ අයුරින් මාසික හිලව් දීමනාව මෙම මාසයේ සිට සියයට විස්‌සකින් වැඩි නොකළහොත් අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කිරීමට විශ්වවිද්‍යාලවල දහතුන් දහ...

එකඟ වූ අයුරින් මාසික හිලව් දීමනාව මෙම මාසයේ සිට සියයට විස්‌සකින් වැඩි නොකළහොත් අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කිරීමට විශ්වවිද්‍යාලවල දහතුන් දහසක්‌ පමණ වන අනධ්‍යයන සේවකයෝ සූදානම් වෙති.

වැටුපෙන් සියයට විස්‌සක්‌ වන හිලව් දීමනාව මෙම මාසයේ සිට තවත් සියයට විස්‌සකින් වැඩි කිරීමට උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව හා එකඟ වූයේ පසුගිය අගෝස්‌තු මාසයේදීය. ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටවූයේ මෙම එකඟතාව අනුවය. උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල, උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ්‍රරෝ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා  ඒකාබද්ධ කමිටුව සමග එකඟතා ලියවිල්ලට අත්සන් තබා ඇත.

මෙම වසරට අදාළ අයවැයෙන් රුපියල් දශලක්‍ෂ 460 ක්‌ වෙන්කර හිලව් දීමනාව වැඩි කිරීමට පියවර ගන්නා බවට ලිත එකඟතාවක්‌ පවතින නමුත් මේ වන විට ඒ පිළිබඳ කිසිදු කතා බහක්‌ නොමැති බව ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ පැවැසීය. 

මෙම මාසයේ වැටුපට එම දීමනාවේ වැඩිවීම එකතු වීම සඳහා ලබන සතිය ඇතුළත චක්‍රලේඛය නිකුත් කිරීම අවශ්‍ය යෑයිද එසේ නොවන්නේ නම් යළිත් වැඩවර්ජනයක්‌ ආරම්භ කිරීම හැර වෙනත් විකල්පයක්‌ නැතැයිද මල්වත්තගේ පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3470405946799054649

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item