කෙනෙහිලි ඉවසන්න බැ - සජිත් ඇමතිකමින් ඉල්ලා අස්වන බව කියයි
පසුගිය අය වැයෙහිදී තම අමාත්‍යාංශය වෙත වෙන් කරන ලද මුදල්වලින් හරි අඩකටත් වඩා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජ...
https://www.sathhanda.com/2017/01/blog-post_621.html?m=0
පසුගිය අය වැයෙහිදී තම අමාත්‍යාංශය වෙත වෙන් කරන ලද මුදල්වලින් හරි අඩකටත් වඩා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස තමා ඇමතිකමින් ඉල්ලා අස්වන බව අද පැවති කැබිනට් අමාත්‍ය රැස්වීමේදී කියා සිටියේය.
තම අමාත්‍යාංශය වෙත වෙන් කළ මුදල් වතු කරයේ නිවාස තැනිමට එක් අමාත්යවරයෙකුටද උතුරේ නිවාස හැදිමට තවත් අමාත්යවරයෙකුටද වෙන් කරමින් මුදල් අමාත්‍යවරයා මෙම කප්පාදුව සිදු කර ඇති බව ප්‍රේමදාස වැඩිදුරත් පවසා සිටී.
මීට පෙර සජිත් ප්‍රේමදාස ම හා රවී කරුනානායක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට තරග වැදුන අතර එහිදි රවී කරුනානායක පරාජයට පත්විය.
අදාළ සිදුවිමේ දිගුවක් ලෙස කරුනානායක තමාට මෙම කෙනෙහිලිකම් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
අද කැබිනට් රැස්වීමට ජනාධිපතිවරයාද මුදල් ඇමතිවරයාද නොසිටි බවද ඉදිරි කැබිනට් රැස්වීමේදී මෙම තත්ත්වය පිළිබද ජනපතිවරයා දැනුවක් කිරීමට එහි සිටි සෙසු කැබිනට් ඇමතිවරු පොරොන්දු දෙමින් අදාළ තත්ත්වය සමතයකට පත් කර ඇති බව ද මේ අතර වාර්තා වේ.


Related